BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
'Father' චිත්‍රපටයට පාදක වූ වවුල්කැලේ ඝාතන සිදුවීමේ සත්‍ය කතාව
1991 වසරේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවූ මෙම වෙඩි තැබීමට පාදක වූ සිදුවීමේ පසුබිම් කතාව සහ මිය ගිය පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබූ "වවුල්කැලේ" ඝාතනය සම්බන්ධ තොරතුරු බීබීසී සිංහල විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සතුව ඇති, එකල පළවූ ජාතික පුවත්පත් වාර්තා ඇසුරින් ගවේෂණය කරන ලදී.
ට්‍රම්ප්ගේ 'සාම මණ්ඩලය' මෙතරම් මතභේදාත්මක වන්නේ ඇයි?
පළමුව එක්සත් ජාතීන්ගේ සහය හිමිවූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මේ කොටසක් වූ "නව ජාත්‍යන්තර සංක්‍රාන්ති ආයතනය" පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය වීමත් සමග දැඩි කණස්සල්ලක් මතුව තිබේ.
වසර 8ක් තුළ බොලිවුඩයෙන් නිර්මාණ සඳහා ඇරයුම් නොලැබුණු බව ඒ.ආර්. රහ්මාන් පවසයි
බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා සංගීත නිර්මාණයෙන් දායක වූ ඔස්කාර් සම්මානලාභී සංගීඥ ඒ.ආර්. රහ්මාන්, පසුගිය වසර අට තුළ ඔහුට බොලිවුඩයෙන් නිර්මාණ සඳහා ඇරයුම් නොලැබුණු බව පවසා තිබේ.
'මට පවුලත් එක්ක සාමදාන වෙන්න ඕන නැහැ,' ඩේවිඩ් බෙකම්ගේ පුත් බෲක්ලින් පෙල්ට්ස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
තම පවුල සමග "සාමදාන වීමට" අවශ්‍ය නොවන බව, බෲක්ලින් පෙල්ට්ස් බෙකම් සිය දෙමාපියන් සමග ඇති සම්බන්ධය පිළිබඳව පළ වන වාර්තා ගැන පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් ගැන යාපනය මහේස්ත්‍රාත්ගෙන් අලුත් නියෝගයක්
චෙම්මනි සමූහ මිනී වළ කැණීම් ස්ථානය පරීක්ෂා කිරීම ජනවාරි 19 යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්, කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් ඇතුළු පිරිසක් විසින් සිදු කෙරිණි. කෙසේ වෙතත් මෙම ස්ථානය ජලයෙන් පිරී තිබීම හේතුවෙන් එහි කැණීම් කටයුතු 2026 වසරේ පෙබරවාරි 9 වන දා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු කණ්ඩායම එහිදී තීරණය කළේ ය.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
ට්‍රම්ප්ගේ අලුත් ම අනතුරු ඇඟවීම අනුව ඉරානය සමග ගනුදෙනු කිරීම ශ්‍රී ලංකාවට බලපෑ හැක්කේ කෙසේ ද?
"ගැටලුව තියෙන්නේ අපේ අපනයන ආර්ථිකයට වඩා රාජතාන්ත්‍රික අතින් ගත්ත ම මෙතැනදී ඇති වෙන්න පුළුවන් ගැටලුව යි. අපේ අපනයන ආර්ථිකය අතින් ගත්ත ම ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවට ලොකු වෙළෙඳපොළක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාව පොඩියෙන් හරි ඉරානයත් එක්ක කරන අපනයන කිරීම නිසා ඇමෙරිකාවට පුළුවන් යම් බදු පැනවීමක් කරන්න.''
'Rebuilding Sri Lanka': දිට්වා හානියෙන් රට යළි ගොඩනැගීමට මෙතෙක් ලැබී ආධාර ගැන පසුවිපරමක්
ලෝක බැංකු සමූහයේ ඇස්තමේන්තුව අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි. ආසන්න වශයෙන් එහි රුපියල් වටිනාකම රුපියල් ට්‍රිලියන 1.27ක් හෙවත් රුපියල් බිලියන 1,270 කි. නමුත්, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තට අනුව 'Rebuilding Sri Lanka' අරමුදලට අයත් බැංකු ගිණුම් වලින් මේ වන විට ලැබී ඇත්තේ රුපියල් බිලියන 8කට අධික මුදල් ප්‍රමාණයක් පමණයි.
AI භාවිතයෙන් නිර්මාණ කරනවා නම් ඔබ සිතා බැලිය යුතු ම කරුණු 5ක්
"තාක්ෂණය මිනිස්සු අතරට ගියා වුණාට ඒක එක එක මට්ටමින් තමයි යන්නේ මිනිස්සු අතරට. සමහරු හොඳට පාවිච්චි කරනවා. සමහරු නරකට පාවිච්චි කරනවා. ඒ හින්දා එකක් හින්දා අනෙක වළක්වනවා කියන දේ විවාදාත්මක දෙයක්. දෙපැත්ත ම තියෙනවා."
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තීරණය රජය ආපසු හැරවූවා ද? ඇත්තට ම රජයේ තීරණය කුමක් ද?
රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ විෂය මලා වෙනස් කිරීම වසරකින් කල් දැමීමට ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
සැමියා සහ බිරිඳට එකට සිටීමට නොහැකි නම් දෙදෙනාගේ කැමැත්ත මත දික්කසාද වීමට අවස්ථාව සැලසෙන නව නීතියක්
ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය සම්බන්ධයෙන් යළිත් අවධානයක් යොමු වී තිබේ. ඒ, පවතින දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ෆයිසර් මුස්තෆා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවට ප්‍රකාශයක් කිරීමත් සමග ය. මන්ත්‍රී ෆයිසර් මුස්තෆා බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඉදිරි මාසයක කාලය තුළදී අදාළ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ය.



























































