ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ගැඹුරු පීඩන අවපාතය මඩකලපුව වෙරළ තීරය හරහා රටට ඇතුළු වීමේ ඉඩක්
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (ජනවාරි 9 වන දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා) කාලය තුළ පොතුවිල් සහ මඩකලපුව අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක බීබීසී සිංහල වෙත පැවසීය.
නායකත්ව තනතුරු දරන කාන්තාවන්ගේ භූමිකාවන් වෛරී සහගතව ප්‍රශ්න කෙරෙන්නේ ඇයි?
6 ශ්‍රේණිය සඳහා නිකුත් කළ මොඩියුලවල පැවති අඩුපාඩු හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට ද ඇතැම් පිරිස් පවසන අතර, බොහෝ දෙනෙකු ලිංගික නැමියාව, පුද්ගලික තෝරාගැනීම්, මෙන් ම අග්‍රාමාත්‍යවරිය කාන්තාවක් වීම යන්න ඉලක්ක කරගනිමින් විවිධ මතයක් සමාජ මාධ්‍ය වේදිකා තුළ හුවමාරු කරගන්නා ආකාරය දැකිය හැකි ය.
වීඩියෝ, ඇමෙරිකාවට තවත් තෙල් අවශ්‍ය වන්නේ ඇයි?, ධාවන කාලය 7,25
ලෝකයේ වැඩිම තෙල් නිෂ්පාදනය කරන රට එක්සත් ජනපදයයි. එසේ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් තෙල් අවශ්‍ය වන්නේ ඇයි? එයට වෙනිසියුලාව සම්බන්ධ වන්නේ කෙසේද?
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපාදන වෙනුවෙන් ඉක්මන් කළා ද?
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ, ආසියානු සංවර්ධන බැංකුව (ADB) ලබා දෙන මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා හදිසියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කරන බව ය. "2024 අගෝස්තු මාසයේ ජාතික අධ්‍යාපන ආයතනය පොතක් නිකුත් කළා. ඒකෙ පැහැදිලිව ම IMF, ADB, World Bank එකට ස්තුති කරල තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් තමයි දීල තියෙන්නෙ මේකට."
ධූරයෙන් නික්ම යන ඇමෙරිකානු තානාපති ජුලී චං ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ලෙස ධූරය භාරගත් ජුලී චංග් මෙරට සේවය කළ වසර 04ක කාලය තුළදී ඇයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් තිදෙනෙකු සමග කටයුතු කිරීමට සිදුවීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ සිය ධූර කාලය දැරූ සමයේදී ජුලී චංග් මෙරට තුළ වඩාත් අවධානයට ලක්වු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරිය බවට පත්විය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයට 'නුසුදුසු වෙබ් අඩවියක නමක්' ඇතුළත් වීම පසුපස කතාව
වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හේතුවෙන් විවිධ පාර්ශව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැක සංකා මතු කරමින් සිටී. ඒ සම්බන්ධව වහා ම ක්‍රියාත්මක පරිදි පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බවත් එම අමාත්‍යංශය දෙසැම්බර් 30 වන දා නිවේදනය කළේ ය.
නව වසරට පෙර නිවසේ ඇති අනවශ්‍ය දෑ ඉවත් කර පිරිසිදු කිරීම පහසු කිරීමට ක්‍රම 4ක්
නත්තල් උත්සව අවසානයත් නව වසරේ ආරම්භයත් සමග ඔබට සෑම වසරක ම දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපයේ සිදු කිරීමට ඇති දෙයක් තිබේ.මේ ඔබේ නිවසේ ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කර නිවසේ ඉඩ සාදා ගැනීමට අනුගමනය කළ හැකි සරල උපක්‍රම 4කි. ඒ, නව වසරට පෙර නිවසේ ඇති දෑ පිළිවෙලකට සකසා අනවශ්‍ය දෑ ඉවත් කොට නිවස පිරිසිදු කිරීමයි.
පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වීමෙන් වසර දෙකකට පසුව සිදුවන්නේ කුමක් ද?
පාර්ලිමේන්තුවේ ඇයවැය පරාජය වීම මෙන් නොව, පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වීමෙන් එහි බලය පවත්වා ගැනීමට බලපෑමක් නොවේ. ඊට හේතුව ඉන් බල පෙරළියක් සිදු නොවීම යි.
ඉන්දියානු මාන් සමාගම නිෂ්පාදනය කරන ලද ඖෂධ තොගයක් භාවිත කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත්තේ ඇයි?
රෝගයකින් සුවය ලැබීමට ඖෂධ භාවිතා කර රෝගී වූ බියජනක, අඳුරු ඉතිහාසය යළිත් වරක් සිහිපත් කරමින් නික්ෂේපන ලබා දීමෙන් පසුව ඇති වූ බවට සැක කරන මරණ ද්විත්වයක් මේ වන විට වාර්තා වී තිබේ. සංකූලතා සහ මරණ වාර්තාවීම් සැලකිල්ලට ගනිමින් වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron) නික්ෂේපනය ලබා දීම වහා ම අත්හිටුවා තිබේ.
දිට්වා: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානි. මහනුවරට පමණක් ඩොලර් මිලියන 689ක හානියක්
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු භෞතික හානියක් සිදු කර ඇති බව අද (දෙසැ. 22) නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාව මගින් ඇස්තමේන්තු කර ඇත.