ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන රජයේ තරග විභාග කාලසටහන මෙන්න

රජයේ රැකියා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2026 වසරේ ජනවාරි මස 24 වන දා සිට පෙබරවාරි 28 දක්වා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම හා උසස් වීම් වෙනුවෙන් පැවැත්වීමට නියමිත විවෘත තරග විභාග කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එම විභාග සහ ඒවා පැවැත්වීමට නියමිත දිනයන් මෙසේ ය.

ජනවාරි මාසයේ පැවැත්වෙන තරග විභාග

2026 ජනවාරි 24: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - (ඛණ්ඩ 2) තුන් වන ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණුකරු නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂතා කඩඉම් විභාගය

2026 ජනවාරි 24,25: ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෙවන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

2026 ජනවාරි 25: ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ තුන් වන ශ්‍රේණියට පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨතාව තීරණය කිරීම සඳහා පවත්වනු ලබන විභාගය

2026 ජනවාරි 31: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ තුන් වන පන්තියේ පළමු වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

පෙබරවාරි මාසයේ පැවැත්වෙන තරග විභාග

2026 පෙබරවාරි 07,08: මධ්‍යම පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

2026 පෙබරවාරි 07,08: උතුරු මැද පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2026 පෙබරවාරි 07,08: උතුරු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

2026 පෙබරවාරි 07,08: සබරගමුව පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

2026 පෙබරවාරි 07,08: නැගෙනහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

2026 පෙබරවාරි 07,08: වයඹ පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

2026 පෙබරවාරි 07,08: ඌව පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය

2026 පෙබරවාරි 14: සබරගමුව පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය

2026 පෙබරවාරි 21: ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ තුන් වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය

2026 පෙබරවාරි 22: බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර බන්ධනාගාර අධිකාරි තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය

2026 පෙබරවාරි 26,27,28: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත/සීමිත තරග විභාගය

වැඩි විස්තර

මෙම විභාග සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 දුරකතන අංකය ඔස්සේ නොමිලේ දැන ගත හැකි ය.