නිතර නිතර ඔබට ඇතිවන කොන්දේ වේදනාව නැතිකර ගැනීමට ඔබ දැනගත යුතු කරුණු 5 ක්

කොන්දේ වේදනාවෙන් සිටින තරුණියකගේ ඡායරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Photo by Ramesh Sharma/The India Today Group via Getty Images

බොහෝ පුද්ගලයින් තම ජීවිතයේ යම් අවස්ථාවක දී කොන්දේ වේදනාවෙන් පීඩා විඳියි. සාමාන්‍යයෙන්, එය සති කිහිපයකට පසු පහව යයි - නමුත් දෛනික ජීවිතය අරගලයක් බවට පත් කරමින් එය නැවත ඇතිවිය හැකිය.

මිනිස් කොඳු ඇට පෙළ ඉළ ඇට සහ උකුල් අස්ථි වලට පමණක් නොව, කණ්ඩරාවන්, සන්ධි, කාටිලේජ, මාංශ පේශි සහ ස්නායු පටක රාශියකට සම්බන්ධ වී ඇති බැවින්, මෙම ඕනෑම ප්‍රදේශයක ගැටළුවක් කොනෙදේ වේදනාව ඇති කළ හැකිය.

සියලුම වයස්වල පසුවන පුද්ගලයින්ට ඇතිවන කොනදේ වේදනාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් පහක් මෙහි දැක්වේ.

An illustration of a human's back, showing the bones, with the spine highlighted in orange.
ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිස් කොඳු ඇට පෙළ සාමාන්‍යයෙන් කශේරුකා 33 කින් සමන්විත වේ

ඉහළ හෝ පහළ?

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් සහ ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් විසින් ඉදිරිපත් කරන ලද Global Burden of Disease (GBD) අධ්‍යයනයේ නවතම සංස්කරණයට අනුව, කොන්දේ පහළ කොටසේ නිදන්ගත වේදනාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2050 දක්වා වසර 30ක කාලය තුළ තුනෙන් එකකට වඩා වැඩි වීමට නියමිතය.

ඒ වන විට, ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා මෙමගින් පීඩා විඳිනු ඇත.

GBD අධ්‍යනයට අනුව, ආඝාතය, හෘද හා පෙනහළු රෝග මෙන්ම දියවැඩියාව සහ අලුත උපන් බිළිඳුන්ට බලපාන තත්ත්වයන් පමණක් ගෝලීය සෞඛ්‍යයට වැඩි බලපෑමක් ඇති කරයි.

නමුත් ශරීරයේ එම කොටස වැඩි චලනයන්ට සහාය වන අතර වැඩි ආතතියක් අවශෝෂණය කරන බැවින් කොන්දේ පහළ කොටස නිතර වේදනාවට හේතු වන අතර, කොන්දේ ඉහළ කොටස එනම් සාමාන්‍යයෙන් බෙල්ල සහ උරහිස් ද වේදනා අත්විඳිය හැක.

A multi-ethnic group of schoolchildren play tug of war in a playground.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොඳු ඇට පෙළ අනෙකුත් අස්ථිවලට වඩා වේගයෙන් දිගු වුවහොත් වර්ධනය වන වේදනාව දරුවන්ට බලපෑ හැකිය

ප්‍රතිකාර කිරීමට පෙර රෝග විනිශ්චය

ප්‍රතිකාර කිරීමට පෙර රෝග විනිශ්චය කිරීමේ වෛද්‍ය මූලධර්මය විශේෂයෙන් කොන්දේ වේදනාවට අදාළ වීම සඳහා හේතු රාශියක් ඇති නමුත් මෙයින් අදහස් කරන්නේ රෝග විනිශ්චය කිරීම සඳහා විශේෂයෙන් වෙන්වූ පරීක්ෂණයක් නොමැති බවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් මුලින්ම ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් බැහැර කිරීමට උත්සාහ කරනු ඇත, උදාහරණයක් ලෙස පිත්තාශය හෝ වකුගඩු රෝග හෝ සමහර පිළිකා වර්ග වේ, රෝග විනිශ්චය යනු සාමාන්‍යයෙන් ශාරීරික පරීක්ෂණයක් මෙන්ම රෝගියාගේ රෝග ඉතිහාසය පරීක්ෂා කිරීමයි.

රුධිර පරීක්ෂණ මගින් පිළිකා හෝ ඉදිමුම හඳුනාගත හැකි අතර එය කාටිලේජයට හානි කළ හැකි අතර ආතරයිටිස් ඇති කරයි.

සන්ධි, අස්ථි, කාටිලේජ, අවයව හෝ මෘදු පටක පිළිබඳ වැඩිදුර තහවුරු කර ගැනීම් සඳහා එක්ස් කිරණ, පරිගණක-ටොමොග්‍රැෆි (CT) ස්කෑන් පරීක්ෂණ, අල්ට්රා සවුන්ඩ් හෝ චුම්භක අනුනාද රූප (MRI) වැනි රූප පරීක්ෂණ අවශ්‍ය විය හැකිය.

කොන්දේ වේදනාව බොහෝවිට මද වේදනාවක් සහ තද බවක් ලෙස දැනේ - නමුත් මාංශ පේශි ඉරීයාම් සන්ධිවල අස්ථි සම්බන්ධ කරන පටකවල බිඳීයාමක් හදිසි තියුණු වේදනාවක් ඇති කළ හැකි අතර, තට්ටම් ප්‍රදේශය සහ කකුල් දක්වා විහිදෙන වේදනාව, එම ප්‍රදේශවල හිරිවැටීමක් ඇති කරයි, එය ස්නායු ආශ්‍රිත රෝග තත්ත්වයක ලක්ෂණයක් විය හැකිය.

විද්‍යුත් රෝග විනිශ්චය, මාංශ පේශිවල විද්‍යුත් ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීමක් සිදු කරන ආකාරය වන අතර එමගින් මාංශ පේශි සහ ස්නායු ආබාධ අතර වෙනස හඳුනා ගත හැකිය.

මෙම රෝග විනිශ්චය ප්‍රවේශය වැඩිහිටියන්ට සහ ළමයින් යන දෙපාර්ශවය සඳහා භාවිත කෙරේ.

ඉන්දියාවේ සහ එංගලන්තයේ සහ වර්තමානයේදී ජර්මනියේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරන, කොඳු ඇට පෙළ පිළිබඳ ශල්‍ය වෛද්‍ය අරීනා ඩි'සූසා මව්පියන් තම දරුවන් ඇය වෙත රැගෙන එන විට ඇය සොයා බලන්නේ කුමක්දැයි බීබීසී ලෝක සේවයට පැවසුවාය.

"ළමයි කියන්නේ හැම වෙලාවෙම එහාට මෙහාට පැන පැන යන පිරිසක්, ඒක නිසා මට මෙම කරුණු සොයා බලන්න වෙනවා.

  • එම ක්‍රියාකාරකම් වලදී ඔවුන් තුවාල ලබා තිබෙනවා ද?
  • මාංශ පේශිවල සැඟවුණු දෝෂ තිබෙනවා ද?
  • මව්පියන්ටත් කොන්දේ වේදනාව පවතිනවා ද?
  • ඔවුන් සමබර ආහාර වේලක් ලබා ගන්නවා ද?

"තවද දණහිස් සහ කකුල් වල වර්ධනය වෙමින් පවතින වේදනාවන් ගැන අපි අහලා තිබෙනවා, නමුත් ඉඳහිට එය කොන්ද ප්‍රදේශයේ ඇති වෙන්න පුළුවන්, ඒකට හේතුව තමයි දරුවෙකුගේ මුළු කොඳු ඇට පෙළ සමහර විට අනෙකුත් අස්ථි වලට වඩා බොහෝ වේගයෙන් දිගු වන නිසා," වෛද්‍ය ඩි'සූසා තවදුරටත් පවසයි.

A BBC composite graphic shows three people in different positions, each with their spine highlighted in red.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images and BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝගයක් නැවත නැවත ඇති වේ යැයි ඇති බිය නිසා ඇතැම් රෝගීන් සුවය ලැබීමට බාධා එල්ල කළ හැකි බව විශේෂඥයෝ පවසති

නිරෝගී මනසක්, නිරෝගී ශරීරයක්

රෝගයක් නැවත නැවත ඇති වේ යැයි ඇති බිය නිසා ඇතැම් රෝගීන් සුවය ලැබීමට බාධා එල්ල කළ හැකි බව විශේෂඥයෝ පවසති.

"කොඳු ඇට පෙළේ සහ මාංශ පේශිවල ප්‍රශ්නයක් නැති වුණත්, ආයිත් ආයිත් රිදෙයි කියන කනස්සල්ල ඔවුන්ගේ කොන්ද සුව වීමේ විශ්වාසයට බලපානවා," එංගලන්තයේ Down2U Health සහ යහපැවැත්ම පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ඇඩම් සියු බීබීසී ලෝක සේවයට සඳහන් කළේය.

''මෙම බය ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හීන කරනවා. ඇතැම් පුද්ගලයින් තමන් කැමති ක්‍රියාකාරකම් පවා නතර කරනවා."

ඔස්ට්‍රේලියාවේ මැක්වෝරි විශ්ව විද්‍යාලයේ භෞත චිකිත්සාව පිළිබඳ මහාචාර්ය මාර්ක් හැන්කොක් බීබීසී ලෝක සේවයට මෙලෙස පවසයි: "සමහර රෝගීන් තම කොන්ද ප්‍රදේශයට හානි වේ යැයි පවතින බිය නිසා සමාජීය වශයෙන් ක්‍රියාකාරී ජීවිතයෙන් ඈත්වෙනවා.''

"ඔබ මේ සියල්ල එකට එක් කර බලනවිට - සමාජ ආතතිය, වේදනාව ගැන කරදර වීම, කොන්දේ වේදනාකාරීත්වය ක්ෂණිකව ඉතා විශාල ගැටලුවක් වනවා."

තවද මෙය වඩාත් පරිපූර්ණ ප්‍රවේශයකට මඟ පාදා ඇත.

"ලොව පුරා සෑම මාර්ගෝපදේශයක්ම දැන් ශාරීරික, මානසික සහ සමාජීය සාධක ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවය ගැන කතා කරනවා" මහාචාර්ය හැන්කොක් පවසයි.

"CFT [සංජානන ක්‍රියාකාරී චිකිත්සාව] රෝගීන්ට ඔවුන්ගේ වේදනාව ඇති කරන සියලු දේ තේරුම් ගැනීමට චිකිත්සකයින් සමඟ වැඩ කිරීමට ඉඩ සලසයි."

"එවිට, ඔවුන්ට ක්‍රමයෙන් ඔවුන් කැමැත්තක් දක්වන ක්‍රියාකාරකම් සිදු කිරීමට නැවත යොමුවීම සඳහා විසඳුම් ඇතුළු සැලැස්මක් සකස් කළ හැකිය.''

"අවශ්‍ය නම්, චිකිත්සකයින්ට ජීවන රටාව වෙනස් කිරීමට රෝගීන් සමඟ වැඩ කරන්නත් පුළුවන්"

පවත්වා ගැනීම

A physiotherapist holding up a facet-joint model.

ඡායාරූප මූලාශ්‍රය, Adam Siu

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඉහළ කශේරුකා 24 නම්‍යශීලී වන අතර, කුඩා සන්ධි පිටුපස එක් එක් අස්ථි සම්බන්ධ කරයි. සෑම අස්ථියක් අතරම කම්පන අවශෝෂක ලෙස ක්‍රියා කරන කුෂන් වැනි තැටියක් තිබෙනවා."

නැවත නැවත වේදනාව වැඩිවේ යැයි බිය වීමත් සමඟම, ඇතැම් රෝගීන් බලාපොරොත්තු වන්නේ විවේක ගැනීම සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇති බවයි - නමුත්, බ්‍රිතාන්‍ය කොඳු ඇට පෙළ පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (BASS) පවසන පරිදි, ක්‍රියාශීලීව සිටීම කොන්දේ වේදනාව වළක්වා ගැනීමට මූලික ක්‍රියාකාරකම වන අතර, පසුගිය වසර 10 තුළ සිදු කරන ලද සියලුම පර්යේෂණවලින් පෙනී යන්නේ විවේකය සුවය ලැබීමට ගතවන කාලය දීර්ඝ කළ හැකි බවයි.

"කශේරුකා ලෙස හැඳින්වෙන තනි අස්ථි වලින් සෑදී ඇති කොඳු ඇට පෙළ ස්වභාවිකවම විවිධ කොටස්වලදී වක්‍ර වෙලා තමයි තිබෙන්නේ," සියු මහතා පවසයි.

"මෙම වක්‍රතා ශරීරයේ බර සහ චලනයන් සඳහා සහාය වීමට කොඳු ඇට පෙළට හැකියාව ලබා දෙනවා''

"ඉහළ කශේරුකා 24 නම්‍යශීලී වන අතර, කුඩා සන්ධි පිටුපස එක් එක් අස්ථි සම්බන්ධ කරයි. සෑම අස්ථියක් අතරම කම්පන අවශෝෂක ලෙස ක්‍රියා කරන කුෂන් වැනි තැටියක් තිබෙනවා."

"මෙම ස්වාභාවික ව්‍යුහය සහ කාටිලේජ කම්පන-අවශෝෂක ක්‍රියාකාරිත්වය දුර්වල වීම වළක්වා ගැනීම සඳහා, ඔබ එක ඉරියව්වක වාඩි වී සිටීම, පිටුපසට නැමීම හෝ දිගු වේලාවක් සිටිගෙන සිටී වැනි එක ඉරියව්වක වැඩි වේලාවක් රැඳී සිටීමෙන් වැළකී සිටීම අතිශයින් වැදගත් වනවා.''

නමුත් මේසයක වාඩිවී කරන රැකියා, පරිගණක ක්‍රීඩා, මාර්ගගත අන්තර්ගතයන් ඔස්සේ කියවීම සහ නැරඹීම වැනි ක්‍රියාකාරකම් හමුවේ නූතන ජීවිතය බොහෝ විට ව්‍යායාමයෙන් තොරය.

කාර්යාල සේවකයින්ට පරිගණක තිර භාවිතයෙන් මද විවේකයක් ලබා ගත හැකි අතර පඩිපෙළ නැගීම, චලනය ද අඛණ්ඩව සිදු කරගෙන යා හැකි වුවද, මේවා බොහෝ රැකියා සඳහා බලනොපායි.

"ඔබ ට්‍රක් රථයක් පදවන්නේ නම්, රථවාහන තදබදයක නතර වී සිටින විට මදක් කකුල් දිගු කිරීමට උත්සාහ කරන්න," සියු පවසයි.

"බර ඉසිලීමේ කටයුතුවල නියැලෙන ඉදිකිරීම් සේවකයින් සඳහා, තුවාල සිදුවීම වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ අනුගමනය කරන්න, ඒ සඳහා උපකාරී වන ශරීර අභ්‍යාස සඳහා භෞත චිකිත්සකයින් හමුවන්න."

Standing at a kitchen counter, a pregnant woman, with long dark hair and a grey dress, holds her back with her right hand and her head with her left. In the foreground, green apples and oranges sit in a fruit bowl.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැබිනි මව්වරුන් ඉරියව්, බර ව්‍යාප්තිය සහ ආතතියේ සැලකිය යුතු වෙනස්කම් අත්විඳිති

ගැබ් ගැනීමකදී මුල් අවධියේදී පවා කොන්දේ වේදනාව ඇති විය හැකිය.

පිළිසිඳ ගැනීමෙන් පසු ශරීරය රිලැක්සින් හෝමෝනය වැඩිපුර නිපදවීමට පටන් ගනී.

එය දරු ප්‍රසූතියට සූදානම් වීමේදී ශ්‍රෝණියෙහි බන්ධන ලිහිල් කර ගැබ්ගෙල මෘදු කරයි, නමුත් කොඳු ඇට පෙළේ සම්බන්ධක පටක සහ සන්ධි ලිහිල් කළ හැකි අතර එමඟින් කොන්දේ පහළ කොටසේ අපහසුතාවයක් ඇති වේ.

කලලය වර්ධනය වන විට, ගැබිනි මව්වරුන් ද ඉරියව්, බර සහ ආතතියේ විශාල වෙනස්කම් වලට භාජනය වේ. වේදනාව සමනය කිරීමට උපදෙස් කිහිපයක් මෙහි දැක්වේ.

• හැරෙන විට, ඔබේ කොඳු ඇට පෙළ ඇඹරීම වළක්වා ගැනීම සඳහා ඔබේ පාද චලනය කිරීමට උත්සාහ කරන්න.

• ඔබේ බර ඒකාකාරව බෙදා හැරිය හැකි සපත්තු පළඳින්න.

• මාතෘ ආධාරක කොට්ට සහ තත්වයෙන් ගුණාත්මක මෙට්ටයක් ඔබට ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමට උපකාරී වේ.

වේදනා නාශක භාවිත කළ යුතු වන්නේ කුමන අවස්ථාවේදී ද?

"ඔබට ක්‍රියාශීලීව සිටීමට උපකාර කිරීම සඳහා මුල් අවධියේදී, ඖෂධ අලෙවි සැලකින් මිලදී ගත හැකි සම්මත ප්‍රදාහ නාශක වර්ග ගැනීම ගැටලුවක් නැහැ," සියු මහතා පවසයි.

"නමුත් ඔබ ඒවා සති කිහිපයකට හෝ ඊට වැඩි කාලයක් ගන්නේ නම් සහ අඛණ්ඩ වේදනාවට හේතුව සොයා නොබලන්නේ නම්, ඔබ කරන්නේ ගැටලුව වසන් කිරීම පමණයි.''

"අවාසනාවකට වසර ගණනාවක් තිස්සේ ඖෂධ ලබාගෙන ඇති සේවාදායකයින්ව මං දකිනවා."

"ශරීරයට ඉතා බලවත් ආරක්ෂාවක් ඇති අතර මූලික වේදනා නාශක ඒවා ඉවත් නොකරයි."

"ශරීරයට ඉතා බලගතු ආරක්ෂිත ප්‍රතිචාර තියෙනවා,- සරල වේදනා නාශකවලින් ඒවා ඉවත් කරන්නෙ නැහැ."

"ඒක හරියට සරල වේදනා නාශක ලබා ගත් පමණින් ඔබ උතුරන වතුරට අත දැමිය නොහැකියි කියනවා වගේ දෙයක්. හරියටම ඔබ සරල වේදනා පාලන පියවර අනුගමනය කලොත් චලනය වීමෙන් ඔබේ කොන්දට හානියක් සිදු නොවෙනවා වගේ"

"මෙම වර්ගයේ ඖෂධ ගැනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, ඖෂධවේදියෙකු සමඟ ඒ ගැන සාකච්ඡා කරන්න."

මුල් ලිපිය: BBC News World Service, Global Journalism Curation, අතිරේක වාර්තාකරණය: බීබීසී මරාති සේවයේ ගනේෂ් පොල් විසිනි.