මුත්‍රාශවල ප්‍රමාණය සමාන වුවත්, කාන්තාවන් පිරිමින්ට වඩා නිතර මුත්‍රා කරන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, මිෂෙල් ස්පියර්
- Role, The Conversation
"ආපහු නවත්වන්න ඕනේ ද?" ඔබ යම්කිසි ගමනක් යමින් සිටියදී මෙය නිතර අසන්නට ලැබෙන්නක් වන අතර, එය බොහෝවිට අසන්නේ කාන්තාවන්ගෙන් පමණි.
රූපවාහිනී විකට වැඩසටහන් සහ ප්‍රහසන නාට්‍යවල පවා ගැහැණු ළමුන්ගේ මුත්‍රාශ ඉතා කුඩා බවට හාස්‍යයට ලක් කෙරේ.
නමුත් මෙම අදහස භෞතික විද්‍යාත්මකව කොපමණ නිවැරදි ද?
කෙටි පිළිතුර නම් එය එසේ නොවේ යන්න යි. එය කායික විද්‍යාව, භෞතික ක්‍රියාවලීන් සහ සමාජ හැසිරීම් වල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකි.
කාන්තාවන් නිතර නිතර වැසිකිළි යාමේ උනන්දුව හෝ අවශ්‍යතාවය අත්විඳිය හැකි නමුත්, පිරිමින් සහ කාන්තාවන් අතර ඔවුන්ගේ මුත්‍රාශයේ සැබෑ ප්‍රමාණයේ එතරම් වෙනසක් නොමැත.
අපගේ මුත්‍රාශයට ඇති ප්‍රසාරණය වීමේ හැකියාව ඇති මාංශ පේශි බැලුනයක් වැනිය. එයට වැදගත් කොටස් දෙකක් ඇති අතර ඉන් එකක්, තෙරපුම් මාංශපේශී සහ අනෙක මුත්‍රාශයේ අභ්‍යන්තර පටලය යි.
තෙරපුම් මාංශපේශී යනු මුත්‍රාශයේ බිත්තියේ ඇති සිනිඳු මාංශපේශියකි. එයට විශේෂ ප්‍රත්‍යාස්ථ ධාරිතාවක් ඇත. එනම් එය බොහෝ සෙයින් දිගු විය හැකි ය. එමනිසා, මුත්‍රාශයේ මුත්‍රා එකතු වුව ද, එය මොළයට "මුත්‍රාශය පිරී ඇති" බවට පහසුවෙන් සංඥා නොකරයි.
මුත්‍රාශයේ අධික ලෙස මුත්‍රා එකතු වූ විට, මාංශ පේශි හැකිලී මුත්‍රා පිට කරයි.
මුත්‍රාශය තුළ ඇති ශ්ලේෂ්මල පටලය අභ්‍යන්තර පටලය ලෙස හැඳින්වෙන අතර, මුත්‍රාශය පිරී හිස් වන විට එය දිගු වී නැමිය හැකි ය. මුත්‍රා එකතු වූ විට එහි හැඩය වෙනස් වේ. ඇතැම්විට එය ප්‍රසාරණය වන අතර ඇතැම්විට එය දිගු වේ. එවිට මුත්‍රාශයට වැඩි මුත්‍රා ප්‍රමාණයක් රඳවා ගත හැකි ය.
මෙම ශ්ලේෂ්මල පටලය මුත්‍රාවල ඇති විෂ සහිත ද්‍රව්‍ය වලින් අභ්‍යන්තර පටක ආරක්ෂා කරයි
මුත්‍රාශයේ මෙම සැලසුම මුත්‍රාශය ජීවිත කාලය පුරාම ප්‍රසාරණය වීමට සහ හැකිලීමට ඉඩ සලසයි. කිසිදු කැඩීමක් හෝ ලිහිල් කිරීමක් නොමැතිව සහ අනවශ්‍ය මුත්‍රා පීඩනයක් ඇති නොකරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පිරිමි සහ ගැහැනු මුත්‍රාශ අතර පවතින වෙනස කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ව්‍යුහාත්මකව, පිරිමි සහ ගැහැනු මුත්‍රාශ අතර වෙනස්කම් වලට වඩා සමානකම් තිබේ. ද්විත්වයට ම පහසුවෙන් මුත්‍රා මිලිලීටර් 400 සිට 600 දක්වා ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාව පවතී.
කෙසේ වෙතත්, මුත්‍රාශය වටා ඇති අවයව මගින් මුත්‍රා කිරීමේ සංවේදීතාවයේ වෙනසක් ඇති කරයි. පිරිමි සහ ගැහැනු මුත්‍රාශ අතර වෙනස්කම් ආරම්භ වන්නේ එහිදී ය.
පිරිමි ශරීරය තුළ, මුත්‍රාශය පුරස්ථි ග්‍රන්ථියට ඉහළින් සහ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා ඇත.
අනෙක් අතට, කාන්තාවන් තුළ, එය සාපේක්ෂව පටු ශ්‍රෝණි කලාපයක පිහිටා ඇති අතර, එය ගර්භාෂය සහ යෝනි මාර්ගය සමග අවකාශය බෙදා ගනී.
ගර්භණී සමයේදී, වැඩෙන ගර්භාෂය මුත්‍රාශය මත තද කරන අතර, එම නිසා අවසාන ත්‍රෛමාසිකය තුළ කාන්තාවන්ට සෑම මිනිත්තු 20කට වරක් පමණ මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවේ.
ගැබ් ගැනීමක් නොමැති වුව ද, ඉඩකඩ නොමැතිකම හේතුවෙන් මුත්‍රාශයේ සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් එකතු වන විට පවා කාන්තාවන්ට මුත්‍රා කිරීමේ 'පීඩනය' හෝ 'හදිසිය' අත්විඳිය හැකි ය.
ඇතැම් අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ කාන්තාවන්ට, සාපේක්ෂව අඩු මුත්‍රා ප්‍රමාණයක් ඇති විට පවා 'මුත්‍රාශයේ පිරීමක්' වැනි හැඟීමක් අත්විඳිය හැකි බව යි. මෙය හෝමෝන බලපෑම්, සංවේදීතා වෙනස්කම් හෝ ශ්‍රෝණි තට්ටුව සහ මුත්‍රාශයේ ප්‍රසාරණය අතර සංකීර්ණ සම්බන්ධතාවයක් නිසා විය හැකි ය.
ශ්‍රෝණි තලය යනු මුත්‍රාශය, ගර්භාෂය සහ බඩවැල් සඳහා සහාය වන වැදගත් මාංශ පේශි සමූහයකි.
කාන්තාවන් තුළ, දරු ප්‍රසූතිය, හෝමෝන වෙනස්කම් හෝ වයස හේතුවෙන් මෙම මාංශ පේශි දුර්වල විය හැකි ය. මෙය මුත්‍රාශය 'රඳවා තබා ගැනීමට' සහ 'මුදා හැරීමේ' හැකියාව අතර සමතුලිතතාවය නැතිවීමට හේතු විය හැක.
මෙම පාලනය බොහෝ දුරට රඳා පවතින්නේ මුත්‍රා මාර්ගයේ අවසානයේ 'දොරටු පාලකයෙකු' ලෙස ක්‍රියා කරන "බාහිර මුත්‍රා ස්නායුව" ලෙස හඳුන්වන මාංශ පේශි මත ය.
මෙම මාංශ පේශිය සමාජීය වශයෙන් සුදුසු කාලයක් දක්වා මුත්‍රා රඳවා තබා ගැනීමට උපකාරී වේ.
මෙම මාංශ පේශි ශ්‍රෝණි තලයේ කොටසක් වන අතර, අනෙකුත් මාංශ පේශි මෙන්, එය දුර්වල වීමට හෝ නැවත ශක්තිමත් විය හැකි ය.
මීට අමතරව, කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ ඔවුන්ගේ මුත්‍රා මාර්ගය කෙටි බැවිනි. මෙම ආසාදන මගින් මුත්‍රාශය අධි සංවේදී කළ හැකි අතර, ආසාදනය ඉවත් වූ පසුව පවා නිතර මුත්‍රා කිරීමට පෙළඹවීමක් ඇති කළ හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'පෙර කොටස' වෙත යාම
නාන කාමර පුරුදු, සංස්කෘතිය අනුව වෙනස් විය හැකි නමුත්, බොහෝ ගැහැනු ළමයින්ට කුඩා කල සිට ම 'පළමුව නාන කාමරයට යන්න' හෝ පොදු වැසිකිළි භාවිතයෙන් වැළකී සිටීමට උගන්වනු ලැබේ.
මෙම දිගුකාලීන පුරුද්දේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් අවශ්‍ය වීමට පෙර මුත්‍රා කිරීමට ඉගෙන ගන්නා අතර එමඟින් ඔවුන්ගේ මුත්‍රාශය සම්පූර්ණයෙන්ම ප්‍රසාරණය වීම වළක්වයි.
පිරිමි පාර්ශවය සඳහා තත්ත්වය වෙනස් වේ. ඔවුන් බලා සිටීමට හෝ ඉවසිලිවන්තව සිටීමට දිරිමත් කරනු ලැබේ.
තව ද, ප්‍රසිද්ධියේ පොදු වැසිකිළි ආසනයක් භාවිතා කර ඇති ඕනෑ ම අයෙකු පිරිසිදුකම පිළිබඳ කාංසාව අපගේ හැසිරීමට කොතරම් බලපානවාද යන්න පිළිබඳ දැනුවත්ව සිටියි.
මේ අතර, මුත්‍රාශයේ ප්‍රමාණය වෙනස් කළ නොහැකි වුවද, එහි ධාරිතාව වැඩි කළ හැකි ය.
මුත්‍රාශ පුහුණුව ලෙස හඳුන්වන මෙම ක්‍රමය එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සහ බ්‍රිතාන්‍ය මුත්‍රා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් එය නිර්දේශ කරනු ලැබේ.
මෙම පුහුණුව හරහා, නාන කාමරයට යාම අතර කාල පරතරය ක්‍රමයෙන් වැඩි කෙරේ.
මෙය මොළය සහ මුත්‍රාශය අතර සාමාන්‍ය සන්නිවේදනය නැවත ස්ථාපිත කරන අතර, එය මුත්‍රාශයේ ධාරිතාව වැඩි කර මුත්‍රා කිරීමට ඇති උනන්දුව අඩු කරයි.
මෙම ක්‍රමය ශ්‍රෝණි තලයේ ව්‍යායාම සමඟ ඒකාබද්ධ කළ විට වඩාත් ඵලදායී වේ. මෙය සරල, ශල්‍යකර්මයක් නොවන විසඳුමක් වන අතර කිවිසුම් යාම, කැස්ස හෝ වෙහෙසට පත්වන විට හදිසියේ මුත්‍රා කිරීමේ අපහසුතාවයක් ඇති පුද්ගලයින් සඳහා විශේෂ වේ.
එනම්, කාන්තාවන්ගේ මුත්‍රාශ ප්‍රමාණයෙන් කුඩා නොවුව ද, ශාරීරික ව්‍යුහය සහ සමාජීය හේතූන් මත වැසිකිළිය භාවිතා කිරීමේ අපහසුතාවය ඔවුන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.
එබැවින්, යම් පුද්ගලයෙකු වැසිකිළියට යාමේ අදහස නිසා කරදරයට පත් වුවහොත්, එය දුර්වල අධිෂ්ඨානයක් හෝ කුඩා මුත්‍රාශයක් පැවතීම පිළිබඳ ගැටලුවක් නොවන බව ඔවුන්ට පැහැදිලි කරන්න. එය ශරීර ව්‍යුහය, පුරුදු සහ හෝර්මෝන පිළිබඳ කරුණකි.














