ඔබට අධෝ වාතය ඇති කළ හැකි ආහාර 8ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, BBC Food
අධෝ වාතය පිටවීම සාමාන්‍ය සිදුවීමක් වන අතර බොහෝවිට පුද්ගලයෙකු දිනකට 5 සිට 15 වතාවක් පමණ එය සිදු කරයි. ඇත්ත වශයෙන් ම, ඔබ කිසිදු අපහසුතාවක් ගැන තැකීමක් නොකරන තෙක්, දිනකට අධෝ වාතය විශාල ප්‍රමාණයක් පිටවීම ඔබේ ශරීරයේ නිරෝගී බවට සලකුණක් විය හැකි ය.
අධෝ වාතය ඇති කරන ආහාර හදවතට හිතකර, තන්තු බහුල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වන අතර ඒවා ඔබේ ශරීරයට බිඳ දැමිය නොහැකි නමුත් ඔබේ බඩවැලේ ඇති බැක්ටීරියාවලට බිඳ දැමිය හැකි ය.
ඉතින්, ඔබට අධෝ වාතය ඇති කරන ආහාර මොනවා ද?, අධෝ වාතයේ දුගඳක් ඇති කරවන ආහාර මොනවා ද? සහ ඔබ වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවකදී ද?
1. මේද සහිත ආහාර
මේද සහිත ආහාර, ආහාර ජීර්ණ කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. එබැවින් ඒවා ඔබගේ බඩවැල් තුළ වැඩි කාලයක් රැඳී තිබෙන අතර එහිදී ඒවා නරක් වී දුර්ගන්දයක් දැනෙන්නට පටන් ගනී.
මේද සහිත මස් වර්ග ආහාරයට ගැනීම අපහසු වන්නේ, ඒවායේ සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලයෙහි මෙතියොනීන් බහුල වන බැවිනි.
සල්ෆර් ඔබේ බඩවැල්වල ඇති බැක්ටීරියා හයිඩ්‍රජන් සල්ෆයිඩ් බවට පරිවර්තනය කරන අතර ඉන් කුණු වූ බිත්තර මෙන් සුවඳක් දැනෙන වායුවක් නිකුත් වන හෙයින් මස් සහ අනෙකුත් ආහාරවලින් ඔබේ අධෝ වාතය තවත් නරක අතට හැරේ.
2. බෝංචි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බෝංචි සහ පරිප්පුවල තන්තු විශාල ප්‍රමාණයක් ඇතත්, ඒවා තුළ අපගේ ශරීර හොඳින් ජීර්ණය නොකරන රෆිනෝස් නම් සීනි වර්ගයක් අන්තර්ගත වේ.
එම සීනි ඔබේ බඩවැල් වෙත ළඟා වන අතර, එහිදී බැක්ටීරියා ඒවා ශක්තිය සඳහා භාවිත කරමින් හයිඩ්‍රජන්, මීතේන් සහ දුගඳ හමන සල්ෆර් වැනි වායූන් නිර්මාණය කරයි.
3. බිත්තර
බොහෝ අය විශ්වාස කරන අදහස බොරු කරමින්, බිත්තර සාමාන්‍යයෙන් අධෝ වාතය ඇති කරන ආහාරයක් නොවන බව අනාවරණය වී තිබේ.
නමුත් බිත්තරවල සල්ෆර් අඩංගු මෙතියොනීන් බහුලව තිබේ. එබැවින්, ඔබට දුගඳ හමන අධෝ වාතය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, බෝංචි වැනි ආහාර හෝ අධෝ වාතය ඇති කරන මේද සහිත මස් සමග බිත්තර අනුභව නොකරන්න.
බිත්තර නිසා ඔබට බඩ පුරවා දැමීමක් ඇති වී අධෝ වාතයක් පිට වුවහොත්, ඉන් ඔබට අහිතකර බලපෑමක් හෝ අසාත්මිකතාවක් ඇති විය හැකි ය.
4. ලූනු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලූනු, ආර්ටිකෝක් නමැති එළවළු වර්ගය, සුදුලූනු සහ ලීක්ස්වල වාතය ඇති වීමට සහ උදරය ඉදිමීමට හේතු විය හැකි කාබෝහයිඩ්‍රේට් වර්ගයක් වන ෆෲක්ටන් අඩංගු වේ.
5. කිරි නිෂ්පාදන
එළකිරි, එළුකිරි සහ චීස්වල ලැක්ටෝස් අඩංගු වන අතර එය අධෝ වාතයට හේතු විය හැකි සීනි වර්ගයකි.
එසේ ම, ලොව පුරා වැඩිහිටියන්ගෙන් 65%කට පමණ ලැක්ටෝස් සම්පූර්ණයෙන් ම ජීර්ණය කළ නොහැකි බැවින්, කිරි නිෂ්පාදන අනුභව කිරීමෙන් ඔවුන්ට බඩ පිපීම සහ අධෝ වාතය ඇති විය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
6. තිරිඟු සහ ධාන්‍ය වර්ග
ඕට්ස් සහ තිරිඟු වැනි ධාන්‍ය වර්ගවල උදරය පිපීම ඇති කරන ෆෲක්ටන් සහ තන්තු අඩංගු බැවින් පාන්, පැස්ටා සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ඔබට අධෝ වාතය ඇති විය හැකි ය.
තව ද, තිරිඟු, බාර්ලි සහ රයි වැනි ඇතැම් ධාන්‍ය වර්ගවල ග්ලූටන් අඩංගු වේ.
ඔබ ග්ලූටන්වලට සංවේදී නම්, ඒවා අඩංගු ආහාර අනුභව කිරීමෙන් අධෝ වාතය සහ බඩේ පිපීමක් ඇති විය හැක.
7. බ්‍රොකොලි, මල්ගෝවා සහ ගෝවා
ගෝවා, බ්‍රොකොලි, වට්ටක්කා, ගෝවා සහ අනෙකුත් කොළ පැහැති එළවළුවල තන්තු විශාල ප්‍රමාණයක් ඇති අතර ඔබේ ශරීරයට එය ජීර්ණය කිරීමට අපහසු විය හැකි ය.
නමුත්, ඔබේ බඩවැල්වල ඇති බැක්ටීරියා ඉන් ශක්තිය නිපදවීම සඳහා භාවිත කිරීමට ප්‍රිය කරන අතර එමගින් අධෝ වාතය ඇති කරයි.
මෙම එළවළු බොහොමයක සල්ෆර් ද අඩංගු වන අතර එමගින් දුගඳ හමන අධෝ වාතයක් ඇති විය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
8. පලතුරු
ඇපල්, අඹ සහ පෙයාර්ස් වැනි බොහෝ පලතුරුවල ඇති ස්වභාවික සීනි වර්ගයක් වන ෆෲක්ටෝස් අධිකව අඩංගු වේ. ඊට අමතරව, සමහර ඇපල් සහ පෙයාර්ස්වල තන්තු බහුල වේ.
බොහෝ දෙනෙකුට ෆෲක්ටෝස් දිරවීමට අපහසු වන අතර සීනි නිසි පරිදි දිරවිය නොහැකි නිසා මෙම පැණි රස කෑම අනුභව කිරීමෙන් අධෝ වාතය ඇති විය හැක.
කෙසේ වෙතත්, ෆෲක්ටෝස් දිරවීමට අපහසුවීම ලැක්ටෝස් දිරවීමට අපහසුවීම තරම් පොදු නොවේ.
ඔබට අධෝ වාතය පිටවීම නවත්වන්න පුළුවන් ද?
පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් අධෝ වාතය ඇති කළ හැකි නමුත්, දිනකට මේවායින් කිහිපයක් ආහාරයට ගැනීම අධෝ වාතය නතර කිරීමට වඩා බෙහෙවින් වැදගත් වේ. ඔබ දැනටමත් තන්තුමය ආහාර අනුභව නොකරන්නේ නම්, ඔබ ඉක්මනින් ගන්නා ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔබට යම් අපහසුතාවක් ඇති විය හැකි ය.
අතුරු ආබාධ වළක්වා ගැනීම සඳහා ඔබේ ආහාර වේලට තන්තු සහිත ආහාර සෙමින් එකතු කිරීමට කටයුතු කරන්න.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මලබද්ධය වැළැක්වීමට උපකාරී වන අතර එමගින් අධෝ වාතය වැඩියෙන් පිට විය හැක. ඔබේ බඩවැල්වල මළපහ දිගු වේලාවක් රැඳී තිබේ නම්, එය නරක් වී දුගඳ හමන අධෝ වාතයක් ඇති කළ හැකි ය. සෑම ආහාර වේලක් සමග ම ජලය පානය කර දවස පුරා සජලීව සිටීමට උත්සහ කරන්න.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) ද අධෝ වාතය සහ බඩ පුරවා දැමීම පාලනය කිරීම සඳහා පෙපර්මින්ට් තේ පානය කිරීමට නිර්දේශ කරයි.
කාබෝහයිඩ්රේට් අඩංගු පානවල ගෑස් ඇති බැවින්, ඒවා නිතර පානය කිරීමෙන් ඔබට අධෝ වාතය පිට විය හැකි ය. ඔබ චුවින්ගම් හපන විට හෝ හැන්දකින් වේගයෙන් ආහාර ගන්නා විට ද එය ම සිදුවිය හැකි ය. ඒ, ශරීරයට ඇතුළු වන වාතය කෙසේ හෝ පිටතට පැමිණිය යුතු හෙයිනි.
ඔබ සැලකිලිමත් විය යුතු ද?
බොහෝ විට, ගෑස් ගැන කරදර වීමට කිසිවක් නොමැත. බොහෝ පොදු කාරණා සඳහා වෛද්‍යවරයෙකුගේ උපකාරය හෝ ප්‍රතිකාර අවශ්‍ය නොවේ.
ඇතැම් සිද්ධිවලදී, අධික ගෑස් තත්ත්වය බරපතළ ගැටලුවක් විය හැකි ය. ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, වෛද්‍යවරයෙකු හමුවන්න.
ඇතැම් ඖෂධවල අතුරු ආබාධයක් ලෙස ද දුර්ගන්ධයෙන් යුතු අධෝ වාතය පිට විය හැකි ය.














