පාකිස්ථාන අගමැති පදිංචි ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයක්

Attack in Lahore
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර තුනකට පසු ලාහෝර් නගරයට මෙවැනි ප්‍රහාරයක් එල්ලවුණේ නව අගමැතිවරයා වැඩ අරඹා මසක ඇවෑමෙන්

පාකිස්ථානයේ ලාහෝර් නුවරට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් හතර දෙනෙකු මියගොස් ඇති අතර තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ ආපනශාලා වලින් ගහන ජනාකීර්ණ වීදියකටයි.

පසුගිය මාසයේ අලුතින් තේරී පත්වුණු අගමැති නවාස් ශරීෆ් පදිංචිව සිටින ලාහෝර් නගරය පකිස්තානයේ සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන් සැලකේ.

වසර තුනකට පසු ප්‍රථම වතාවට ලාහෝර් නගරයට මෙවැනි ප්‍රහාරයක් එල්ලවුණේ නව අගමැතිවරයා වැඩ අරඹා මසක ඇවෑමෙන්.

ප්‍රහාරය සිදු කළ බවට සැක පිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේ සිදුවිය හැකි ප්‍රහාරයන් වලක්වා ගැනීමට ප්‍රදේශය පුරා පොලිසිය සීරුවෙන් තබා තිබේ.