සංචාරකයෝ නව දෙනෙක් පාකිස්තානයේ දී මරා දැමෙති

විදේශීය සංචාරකයන් නව දෙනකු පාකිස්තානයේ දී වෙඩි තබා මරා දමා තිබේ.
මෙම සංචාරකයන් යුක්රේන, චීන සහ රුසියානු ජාතිකයන් බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.
සුන්නි මුස්ලිම් කැරලි කණ්ඩායමක් වන ජුන්දුල්ලා සහ පකිස්ථානු තාලිබාන් යන සංවිධාන දෙකම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
පසුගිය මාසයේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් සිය අණදෙන නිලධාරියෙකු මරා දැමීම වෙනුවෙන් පලිගැනීම සඳහා මෙම ප්‍රහාරය දියත් කළ බව තාලිබාන් ප්‍රකාශකයෙක් කියා සිටියේය.
පොලිසිය සහ හමුදාව යොදවා වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශය මේ වන විට වටලා ඇති බව පළාතේ මහ ඇමති සයිඩ් මෙහ්දී ශා (Syed Mehdi Shah) නිවේදනය කළේය.
අගමැති නවාස් ශරීෆ් එම ප්‍රහාරය දැඩිව හෙළා දුටුවේය.




