ත්රස්තවාදයට එරෙහිව බ්‍රිතාන්‍ය, පකිස්තාන නායකයෝ එක් වෙති

ත්රස්තවාදයට එරෙහිව කෙරෙන සටනේ දී පකිස්තානය සමඟ අත් වැල් බැඳ ගෙන කටයුතු කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රතිඥා දුන්නේය.
ඉස්ලාමාබාද් නුවර දී ඔහු මේ ප්‍රකාශය කළේ පකිස්තානයට අලුතින් තේරී පත් වූ අගමැති නවාස් ශරීෆ් මුණ ගැසීමෙන් අනතුරුවයි.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දෙරටම එක හා සමාන උනන්දුවකින් කටයුතු කළ බවත් මෙහිදී දැඩි ආරක්ෂක විධි විධාන අනුගමනය කළ යුතු බවත් අගමැති කැමරන් තවදුරටත් කියා සිටියේය.
අගමැති ඩේවිඩ් කැමරන් ගේ පකිස්තානු සංචාරය සිදු වන්නේ පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නරක අතට හැරෙමින් තිබිය දී.




