පාකිස්තාන් නව අගමැතිවරයාට අභියෝග රැසක්

පාකිස්තානයේ නව අගමැති නවාෂ් ෂරීෆ්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි . ඔහු පාකිස්තානයේ අගමැති පදවියට පත් තුන්වැනි අවස්ථාවයි මේ.
පාර්ලිමේන්තු අනුමැතිය ලද නව අගමැතිවරයා,අද තවත් ස්වල්ප වේලාවකින් නිලවශයෙන් දිව්රුම් දීමට නියමිත බවයි ,පාකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.
හිටපු ජනාධිපති පර්වේෂ් මුෂාරෆ් විසින්, මෙයින් අවුරුදු දාහතරකට ආසන්න කාලයකට පෙර සිදු කරන ලද යුද හමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් පහ කෙරුණ නව අගමැති නවාෂ් ෂරීෆ්, පසුගියදා පැවැත්වුන පාකිස්තාන් මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
අද පාර්ලිමේන්තුව අමතා කතා කළ නව අගමැති ෂරීෆ්,ජාතික එකමුතුවක් සඳහා කටයුතු කරන ලෙසත්,ඇමෙරිකාව විසින් නියමුවන් රහිත යානා යොදා ගනිමින් පාකිස්තාන් භූමියෙහි එල්ල කරනු ලබන ප්‍රහාර නතර කරන ලෙසත් ඉල්ලීමක් කර තිබුණි.
තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ, ආර්ථිකය ජව ගැන්වීම කෙරෙහි තම ප්‍රමුඛතාවය ලැබෙන බවයි.
සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩ ප්‍රහාර සහ වසංගතයක් ලෙස පැතිර ඇති දූෂණ මැඩලීම මෙන්ම,රට තුළ ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති දීර්ඝ විදුලිබල කප්පාදුව වැනි ගැටළු ගණනාවක් සමඟ පොර බැදීමට නව අගමැති නවාෂ් ෂරීෆ්ට සිදුවන බවයි, ඉස්ලාමාබාද් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.




