පාකිස්තාන් ගුවන් යානයක මගීන් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

පී අයි ඒ පාකිස්තාන් ජාත්‍යන්තර ගුවන් සමාගමට අයත් යානයක් එංගලන්තයේ මැන්චෙස්ටර් ගුවන් තොටුපලට ළඟාවීමට මිනිත්තු දහයක් පමණ තිබියදී, එය ලන්ඩන් නගරයේ ස්ටෑන්ස්ටඩ් ගුවන් තොටට ගොඩ බැස්වූ බ්‍රිතාන්‍ය බලධාරීහු එම යානයේ සිටි මගීන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ.
මගීන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන් ගුවන් යානයට අනතුරකැයි පවසමින්.
පාකිස්තානයේ 'ලාහෝර්' නගරයෙන් ගමන් ආරම්භ කර තිබුන ගුවන් යානය බ්‍රිතාන්‍ය ජෙට් යානාවලින් වට කොට ස්ටෑන්ස්ටඩ් ගුවන් තොටට ගොඩ බස්වන මෙන් නියමුවාට නියෝග කරනු ලැබිණ.
තුන් සියයක් මගීන් ගමන් ගනිමින් තිබුන පාකිස්තාන් යානය, ගුවන් තොටුපලේ මගී පර්යන්තයෙන් ඈතට වන්නට නතර කරන ලද අතර, එය අභ්‍යන්තරයේ සිදුවූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ.




