ධූරයෙන් නික්ම යන ඇමෙරිකානු තානාපති ජුලී චං ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?

ඡායාරූප මූලාශ්‍රය, US Embassy Sri Lanka, Colombo
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් සිය ධූර කාලය නිමවා එළඹෙන ජනවාරි මස 16 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.
2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ තානාපතිවරිය ලෙස වැඩ භාර ගැනීමට පෙර ජුලී චංග් බටහිර අර්ධ ගෝලීය කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළා ය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගිය දෙසැම්බර් මාසයේදී තනාපති සේවයේ නිලධාරීන් 30 දෙනෙකු නැවත කැඳවීමට තීරණය කර තිබූ අතර එලෙස නැවත කැඳවනු ලැබූ තානාපතිවරුන් අතර මෙරට තානාපති ජුලී චංග් ද වන බව වාර්තා විය.
වසර 4ක් තුළ ජනපතිවරුන් 3 දෙනෙක්
ශ්‍රී ලංකාවේ සිය ධූර කාලය දැරූ සමයේදී ජුලී චංග් මෙරට තුළ වඩාත් අවධානයට ලක්වු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරියක බවට පත්ව සිටියා ය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ලෙස ධූරය භාර ගත් ජුලී චංග් මෙරට සේවය කළ වසර 04ක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් තිදෙනෙකු සමග කටයුතු කිරීමට සිදුවීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකි ය.
ඇය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී තානාපති ධූරය භාර ගත් අතර, පසුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ සමග ද ඉතා සමීපව කටයුතු කළා ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ අවස්ථාවේදී ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ද සහය දැක්වීය.
එමෙන් ම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වීමෙන් පසු ඔහු හමුවීම සඳහා පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනා අතර ජුලී චං ද විය.
අරගලය සහ ජුලී චං
ඇය සිය ධුරයේ වැඩ භාර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අක්ත පත්‍ර පිළිගැන්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ රජයට එරෙහිව මිරිහාන ප්‍රදේශයෙන් ආරම්භ වූ පළමු මහජන විරෝධතාවයට දින 34කට පෙර ය.
ආර්ථික අර්බුදය, විදුලි කප්පාදුව සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් ආරම්භ වූ ගාලු මුවදොර මහජන අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නෙරපා හැරිණි.
එම මහජන විරෝධතා සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරියගේ සහය ලැබුණු බවට ඇයට ද චෝදනා එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, US Embassy of Sri Lanka
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
හිටපු අමාත්‍යවරයෙක් වන විමල් විරවංශ වරක් ප්‍රකාශ කලේ ගාලු මුවදොර පිටියේ රැස්ව සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් ගනු ලැබූ තීරණය පිලිබඳ ඇමෙරිකානු තානාපති ජුලී චංග්ට දැනුම් දුන් බවත්, එහිදී ඇය විසින් ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය මුදල ලබා ගැනීමට එම තීරණය බාධාවක් වනු ඇති බවත් පවසා එය වැළැක්වීමට කටයුතු කළ බවය.
හිටපු අමාත්‍ය විමල් විරවංශ තමන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් 2023 වසරේදී ජුලී චංග් තානාපතිවරිය සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් තමන්ට එල්ල කළ චෝදනා සියල්ල පදනම් විරහිත බව කියා සිටියාය.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආරක්ෂක සහයෝගිතා
ජුලී චංග් ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරන සමයේදී ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ සහයෝගය හිමිවිය.
ඒ අතරින් සුවිශේෂී සිදුවීම වන්නේ ආර්ථික අර්බුදයට මුහුණ පා සිටි ශ්‍රී ලංකාව 2022 වසර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අපේක්ෂාවෙන් සිටි අවස්ථාවේදී එම පහසුකම ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය හිමිවිමය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථා රැසකදී බහුවිධ සහය ලබා දෙන ලදී.
2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්තයාලය හරහා CARAT, ATLAS ANGEL සහ Pacific Angel වැනි කලාපීය ආරක්ෂක සහ ආපදා ප්‍රතිචාර අභ්‍යාස හරහා ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කරනු ලැබූ අතර, මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමක් ද ඇතිකර ගනු ලැබීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සතු බීච් ක්‍රාෆ්ට් කිං එයාර් ගුවන් යානයක් සහ වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ද ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණි.
මේ අතර මෙරට තරුණ සහ සමාජීය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන පුහුණුවීම් සහ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජුලී චංග් තානාපතිවරියගේ ධූර සමයේදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි. තානාපති කාර්යාලයේ තරුණ සංසදය, තරුණ දකුණු ආසියානු නායකත්ව මුලපිරීම සහ ඉංග්ලිෂ් ඇක්සස් වැඩසටහන ඒ අතර විය.
සමාජ මාධ්‍ය සහ ක්‍රීඩා කටයුතු දායකත්වය
සිය ධූරයෙන් නික්ම යාමට නියමිත ඇමෙරිකානු තානාපති ජුලී චංග් සිය X ගිණුම ඔස්සේ පලකරනු ලබන සටහන් හේතුවෙන් ද බොහෝ දෙනාගේ අවදානයට පාත්‍ර වූ රාජතාන්ත්‍රික නිලධාරිනියක් විය.
2025 වසරේදී මහනුවර දී පැවැත්වූ දළඳා දැක්ම නැරඹීම සඳහා ඇය ඇතුළු මෙරට තානාපතිවරුන් රැසක් දුම්රියෙන් මහනුවර බලා ගමන් කරන ලදී. වරෙක තමන් 2012 වසරේදී සංචාරකයෙකු ලෙස අනුරාධපුරය බලා දුම්රියෙන් ගමන් කළ ආකාරය සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් ද තැබුවාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට පමණක් නොව ඇය මෙරට ආහාර වර්ග රසවිදීමට මෙන්ම මුහුදේ කිමිදීමට ද දැඩි කැමැත්තක් දක්වයි.
"මං ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතක්ම ආදරයෙන් ගත කළා" තානාපති ජුලී චංග් පැවසූවාය.
"පළමු දිනයේ ඉදලාම මගේ අවධානය යොමු වී තිබුණේ ඇමෙරිකාවේ අභිලාශයන් ඉදිරියට ගෙන යාම සඳහායි - අපගේ ආරක්ෂක හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම සහ අපගේ ජාතීන් දෙකම ශක්තිමත් කරන අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීමට. එක්ව, අපි ඇමෙරිකානු ජනතාවට ප්‍රතිඵල ලබා දෙන සහ නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයකට සහාය වන සම්බන්ධතාවයක් ගොඩනඟා තිබෙනවා." ඇය සඳහන් කළාය.














