'මාත් එක්ක විවාහ වුණා නම් ඇයට හැම දෙයක් ම නැති වෙන්න තිබුණා': මාග්‍රට් කුමරියගේ තහනම් ප්‍රථම ප්‍රේමයේ නොපැවසූ කතාව

Princess Margaret

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ග්‍රෙග් මැකැවිට්
    • Role, බීබීසී පුවත්

දෙවන එලිසබෙත් රැජිණගේ සහෝදරියට 1955 වසරේදී ඇගේ විවාහ ගිවිස ගැනීම අවලංගු කිරීම හෝ ඇගේ පදවිය අත්හැරීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු විය. ඇය එසේ කළා ද? 1978 දී, බීබීසී පුවත් සේවය විසින් රජ කුමරියක විවාහ කර ගැනීමට ආසන්නව සිටි යුද විරුවා සමග සාකච්ඡාවක් කරන ලදී.

1955 වසරේ ඔක්තෝබර් 31 වන දින මාග්‍රට් කුමරිය ගෲප් කැප්ටන් පීටර් ටවුන්සෙන්ඩ් සමග ඇගේ විවාහ ගිවිස ගැනීම අවලංගු කළ බව නිවේදනය කළ විට රට ම වසඟ කළ ආදර කතාවක් එයින් අවසන් විය. කල් පවත්නා කතාන්තරයක් වූයේ, උගුලකට හසුවූ අධිරාජ්‍යයෙකු, සම්මුති විරහිත රජයක් සහ රණවිරුවෙකු සමග සිය සිහින විවාහය අත්හැරීමට බලකෙරුණු 25 හැවිරිදි කාන්තාවකගේ කතාව ය. කුමරියට පැහැදිලි තෝරාගැනීමකට ඉඩක් දුන් බවක් පෙනෙන්නට තිබිණි: ඇයට ඇගේ රාජකීය වරප්‍රසාද තබා ගත හැකි විය, නැතහොත් සරල මහලු ටවුන්සෙන්ඩ් මහත්මිය ලෙස නිහඬව පිටුවහල්ව ජීවත් විය හැකිව තිබිණි.

"එම තත්ත්වයන් යටතේ ඇගේ තීරණය සම්පූර්ණයෙන් ම නිවැරදි යැයි මම විශ්වාස කරනවා," ටවුන්සෙන්ඩ් 1978 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී ඔහුගේ ස්වයං චරිතාපදානය ප්‍රවර්ධනය කරමින් බීබීසී පුවත් සේවයේ Nationwide වෙත පැවසීය. නමුත් මාග්‍රට් කුමරියගේ මරණයෙන් පසු නිකුත් කරන ලද රජයේ රහස්‍ය පත්‍රිකාවලින් හෙළි වූයේ ඇතැම්විට ඇයට තිබූ විකල්ප නිරූපණය කර ඇති තරම් බරපතළ නොවූවා හැකි බව ය.

ටවුන්සෙන්ඩ් යනු බ්‍රිතාන්‍ය යුද්ධයේදී ඔහුගේ භූමිකාව වෙනුවෙන් බෙහෙවින් සම්මාන ලැබූ යුද්ධ වීරයෙකි. 1914දී උපත ලැබූ ඔහු වයස අවුරුදු 19දී රාජකීය ගුවන් හමුදාවට එක්විය. ප්‍රබල ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස ඔහු දැක්වූ දක්ෂතා අතර, ඉංග්‍රීසි භූමිය මතදී පළමු ජර්මානු බෝම්බකරුට වෙඩි තැබීමට සහය වීම ද ඇතුළත් වේ. ටවුන්සෙන්ඩ් 1995දී තුවාල ලැබූ තුවක්කුකරු බැලීමට රෝහලට ගිය අයුරු බීබීසීයට විස්තර කළේ ය: "මම හිතුවා, මෙය අපෙන් ඕනෑ ම කෙනෙකුට සිදුවිය හැකි යි කියලා, ඒක නිසා මම ඔහුව බැලීමට ගියා අපි ඇත්තට ම සතුරන් නෙමෙයි; අපි මිනිස්සු කියලා කියන්න." ඇත්ත වශයෙන් ම, ටවුන්සෙන්ඩ් පසුව වෙඩි තබා මරා දමන ලද නමුත්, අවම වශයෙන් භෞතිකව බොහෝදුරට තුවාල ලබා නොතිබිණි. ගුවන් මෙහෙයුම් අඛණ්ඩව පවතින විට "අපි සතුරා විනාශ කිරීම හැර වෙනත් අදහසක් නොතිබූ දැඩි ඝාතකයින් බවට පත් වුණා," යනුවෙන් ඔහු සිහිපත් කළේ ය.

යුද්ධය අවසන් වන විට, වෙඩි වැදීමෙන් ඔහුගේ ස්නායුවලට හානි සිදුව තිබූ අතර ටවුන්සෙන්ඩ් රාජකීය මාලිගයේ හය වන ජෝර්ජ් රජුගේ අශ්වාරෝහකයෙකු ලෙස රැකියාවට එක්විය. එය රාජකීය කටයුතු සහ චාරිත්‍රානුකූල රාජකාරි සන්සුන් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා භාරව සිටි විශ්වාසවන්ත හමුදා නිලධාරි තනතුරකි. ඔහු රජ පවුලට සමීපව, වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ ජීවත් වූ අතර බොහෝවිට පොදු කටයුතු සඳහා කුමරියන් කැටුව ගියේ ය. 1947දී දකුණු අප්‍රිකාවේ සංචාරයකදී එවක යෞවන වියේ සිටි මාග්‍රට් කුමරිය නිර්භීත ටවුන්සෙන්ඩ් දුටුවා ය. එවකදී මාග්‍රට් 17 හැවිරිදි වියේ පසුවිය. ටවුන්සෙන්ඩ්ගේ වයස ඇගේ වයස මෙන් දෙගුණයක් වූ අතර ඔහු දරුවන් දෙදෙනෙකු සිටි විවාහකයෙකු විය.

කාලයත් සමග ඔවුන්ගේ මිත්‍රත්වය ගැඹුරු වෙමින් පැවතුණ ද, ඒ සියල්ල දැඩි ලෙස නිහඬව පැවතුණේ ය. මාග්‍රට්ගේ මිතුරිය වන ජේන් රේන් ආර්යාව 2005 වසරේදී බීබීසී Timewatch වැඩසටහන සමග එක්වෙමින් සිහිපත් කළේ, 1951 දී බැල්මො‍රාල්හි සාදයකදී, කුමරිය ඇගේ 21 වන උපන්දිනයට ළං වෙමින් සිටි කාලයේදී ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් පැවති බව වටහා ගත් බව ය. "හරියට අනවශ්‍ය පුද්ගලයෙකු වගේ, මට හිතුණා මම එතන නොසිටිය යුතු‍ යි කියලා. ඔවුන් කවදාවත් සිප ගත්තේවත්, අත් අල්ලාගෙන සිටියේවත් කිසිවක් කළේවත් නැහැ, නමුත් ඕන කෙනෙකුට ඒක දැනෙන්න පුළුවන්," ඇය පැවසුවා ය.

කුමරිය හැදී වැඩී ආකර්ෂණීය සමාජශීලී තැනැත්තියක බවට පත්වූ අතර, ඇගේ සාද පිළිබඳ කතාවලට ලෝක මාධ්‍ය ආකර්ෂණය විය. නමුත් 1952 පෙබරවාරි මාසයේදී ඇගේ ආදරණීය පියා වන හය වන ජෝර්ජ් රජු වයස අවුරුදු 56දී මිය යාම ඛේදවාචකයක් විය. මාග්‍රට්ගේ බුද්ධිමත් වැඩිමහල් සොහොයුරිය වන එලිසබෙත්, රජ කිරුළේ අනුප්‍රාප්තිකයා ලෙස සිටියා ය. 1953 ජූනි මාසයේ පැවති අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේදී, ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තාකරුවෙකු කුමරිය ටවුන්සෙන්ඩ්ගේ ජැකට්ටුවේ රැඳී තිබූ යමක් ඉවත් කරනු දුටුවේ ය. බ්‍රිජර්ටන්හි පෙන්වන තරමේ නාටකීය සිදුවීමක් නොවූවත් එම සමීප බව කට කතා පැතිරවීමට ප්‍රමාණවත් විය.

ටවුන්සෙන්ඩ් දික්කසාදයෙන් සති කිහිපයකට පසු ඇයට මංගල යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එලිසබෙත් මාග්‍රට්ගෙන් ඉල්ලා සිටියේ රාජාභිෂේකයෙන් පසු ඇතැම් දේ සමථයකට පත් වන තෙක් වසරක් බලා සිටින ලෙස ය. පවුලට අනවශ්‍ය සහකරුවන් එක්වීම වැළැක්වීම සඳහා III වන ජෝර්ජ් රජු යටතේ නිර්මාණය කරන ලද 1772 රාජකීය විවාහ පනත යටතේ, මාග්‍රට්ට වයස අවුරුදු 25ට පෙර විවාහ වීමට රැජිණගේ අවසරය අවශ්‍ය වූ අතර, අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ද අවශ්‍ය විය.

Peter Townsend & Princess Margaret

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1947දී දකුණු අප්‍රිකාවේ සංචාරයකදී එවක යෞවන වියේ සිටි මාග්‍රට් කුමරිය නිර්භීත ටවුන්සෙන්ඩ් දුටුවා ය. එවකදී මාග්‍රට් 17 හැවිරිදි වියේ පසුවිය. ටවුන්සෙන්ඩ්ගේ වයස ඇගේ වයස මෙන් දෙගුණයක් වූ අතර ඔහු දරුවන් දෙදෙනෙකු සිටි විවාහකයෙකු විය.

බ්‍රසල්ස් වෙත පිටුවහල් කිරීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බොහෝ රාජකීය කතාවල මෙන් දික්කසාදය අපිරිසිදු වචනයක් විය. තිරය ​​පිටුපස, මෙම යුවළට රැජිණගේ බලගතු පෞද්ගලික ලේකම් ශ්‍රීමත් ඇලන් 'ටොමී' ලැසෙල්ස්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය: ඔහුගේ සේවය 1936 දී සිදුවූ රජු ධුරයෙන් ඉවත් කිරීම් අර්බුදය පැවති කාලය දක්වා දිව ගියේ ය. දික්කසාද වූ ඇමෙරිකානු ජාතික වොලිස් සිම්ප්සන් සමග විවාහ වීම වෙනුවෙන් අට වන එඩ්වඩ් සිංහාසනය අත්හැරියේ ය.

ටවුන්සෙන්ඩ් වහා ම ඉවත් කරන ලෙස ශ්‍රීමත් ඇලන් රැජිණට සහ අගමැති වින්ස්ටන් චර්චිල්ට උපදෙස් දුන්නේ ය. එංගලන්ත සභාවේ ප්‍රධානියාගේ සහෝදරිය සමග විවාහ විය හැකි යැයි ඔහු සිතන්නේ නම් ඔහු ''උන්මන්තකයෙකු හෝ අසත්පුරුෂයෙකු විය යුතු" බව ඔහු ගෲප් කපිතාන්වරයාට පැවසුවේ ය.

ටවුන්සෙන්ඩ් බ්‍රසල්ස්හි පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ගුවන් උපදේශකවරයෙකු ලෙස නව තනතුරක් වෙනුවෙන් පිටුවහල් කරන ලද අතර, ඔහු එහි වසර දෙකක් රැඳී සිටියේ ය. ඔවුන් අතර පැවති අවබෝධය වූයේ ඔහු බ්‍රිතාන්‍ය භූමියට පය නොතබා සිටීම ය. 1978 වසරේදී ටවුන්සෙන්ඩ් බීබීසී පුවත් සේවයට පැවසුවේ, බ්‍රසල්ස් වෙත යැවීම "තරමක විනය ක්‍රියාමාර්ගයක්" ලෙස තමාට හැඟී ගිය බව යි.

ටවුන්සෙන්ඩ් විදේශ රටකට පිටුවහල් කිරීමත් සමග, මාග්‍රට් කුමරිය ලන්ඩනයේ ආකර්ෂණීය සමාජ ජීවිතයට නැවත පිවිසියා ය. නමුත් දූරස්ථව සිටීමෙන් බ්‍රිතාන්‍ය පාලනය අපේක්ෂා කළ පරිදි ඔවුන්ගේ ආදරයේ අඩුවක් නොවූ අතර ඔවුහු සෑම දිනක ම පාහේ එකිනෙකා වෙත හසුන්පත් ලියූහ. 1955 අගෝස්තු 21 වන දින මාග්‍රට් කුමරිය 25 වන වියට එළැඹිණි. දැන් ඇයට කැමති ඕනෑ ම අයෙකු සමග විවාහ වීමට නිදහස තිබිණි. නමුත් එමගින් ඇයට බොහෝ රිදවීම් ඇති විය හැකි විය.

ඔක්තෝබර් මාසයේදී ටවුන්සෙන්ඩ් බෙල්ජියමේ සිට ආපසු පැමිණි විට මාග්‍රට් පැවසුවේ, ඇය ඔහු සමග විවාහ වන්නේ නම්, ඇයට අනුප්‍රාප්තික අයිතිය, ඇගේ වාර්ෂිකව පවුම් 6,000ක සිවිල් ලැයිස්තු ආදායම, ඇගේ රාජකීය තනතුර සහ රාජකීය පවුලේ සාමාජිකාවක ලෙස පවතින අයිතිය අත්හැරීමට සිදුවන බව ය. ඇතැම් රාජකීයයන් ද විරුද්ධ වූ අතරතුර ඇය කළ යුතු දේ ගැන මහ ජනතාවගේ මතය දෙකට බෙදී තිබිණි. ක්‍රෙග් බ්‍රවුන් රචිත මාග්‍රට් කුමරියගේ ''Ma'am Darling'' චරිතාපදානයේ අනාගත ටවුන්සෙන්ඩ් මහත්මිය ජීවත් විය හැකි ස්ථානය ගැන මව් රැජිණ කනස්සල්ලට පත්ව සිටින විට ෆිලිප් කුමරු, "වර්තමානයේ පවා නිවසක් මිල දී ගැනීමට තවමත් හැකි" බවට "දැඩි උපහාසයෙන්" පිළිතුරු දී ඇතැයි යන්න සටහන් කර ඇත.

ටවුන්සෙන්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරණි පෙම්වතුන් සුරංගනා කතාවක මෙන් නැවත එක් නොවනු ඇති වුවත් ටවුන්සෙන්ඩ් මාග්‍රට් කුමරියගේ මතකයන්වලට ආදරය කළේ ය

1978 වසරේදී තමාව මාධ්‍යවල කුණාටුවකට හසු වූ ආකාරය ටවුන්සෙන්ඩ් සිහිපත් කළේ ය. "මට ඉන්න දුන්න ලන්ඩන් මහල් නිවාසයක ඉතා දුෂ්කර, වේදනාකාරී දින 19ක් ගත කළ කාලය තුළ, ලොව පුරා සිට පැමිණි වාර්තාකරුවන් 50ක් හෝ 100ක් මාව වට කර ගත්තා. ලෝක මාධ්‍ය මෙම තත්ත්වය සාකච්ඡා කරමින් සහ ලෝකයේ සෑම අගනුවරක ම අපි ගැන සාකච්ඡා කරමින් සිටි එම තත්ත්වයන් යටතේ, අපට මෙම තීරණයට එන්න වුණා," ඔහු පැවසුවේ ය.

ඔක්තෝබර් 31 වන දින, බීබීසී ප්‍රවෘත්ති නිවේදක ජෝන් ස්නැජ්, කුමරියගේ කෙටි ප්‍රකාශයක් කියවීම සඳහා සාමාන්‍ය වැඩසටහන් මාලාවට බාධා කළේ ය. එහි ඇය මෙලෙස පැවසුවා ය: "මගේ අනුප්‍රාප්තික අයිතිවාසිකම් අත්හැරීමට යටත්ව, මට සිවිල් විවාහයක් කර ගැනීමට හැකිව තිබූ බව මම දැන සිටියා. නමුත්, ක්‍රිස්තියානි විවාහය නොබිඳිය හැකි බවත්, පොදුරාජ්‍ය මණ්ඩලයට මගෙන් ඉටුවිය යුතු යුතුකම ගැන දැනුවත් බවත්, පල්ලියේ ඉගැන්වීම සැලකිල්ලට ගනිමින්, මෙම සලකා බැලීම් වෙනත් ඕනෑ ම දෙයකට වඩා ඉදිරියෙන් තැබීමට මම තීරණය කර තිබෙනවා," එහි සඳහන් විය.

But did the princess really have to call the whole thing off? Churchill's successor as prime minister was Anthony Eden; as someone who had also divorced and remarried, he was possibly more sympathetic to the couple's plight. Official papers kept secret until 2004, two years after Margaret's death, suggest that a compromise had been reached whereby she would have been able to retain her royal title and her Civil List income. The documents indicate that the only conditions were that she should give up her rights to succeed to the throne, and she should marry in a register office rather than a lavish church ceremony.

නමුත් කුමරියට ඇත්තට ම ඒ සියල්ල නතර කිරීමට සිදු වූවා ද? චර්චිල්ගේ අනුප්‍රාප්තික අගමැති වූයේ ඇන්තනි ඊඩ්න් ය. දික්කසාද වී නැවත විවාහ වූ අයෙකු ලෙස, ඔහු මෙම යුවළගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි වඩාත් අනුකම්පාවක් දැක්වීය. මාග්‍රට්ගේ මරණයෙන් වසර දෙකකට පසු, එනම් 2004 වසර දක්වා රහසිගතව තබා තිබූ නිල ලිපි ලේඛනවලින් පෙනී යන්නේ, ඇයට ඇගේ රාජකීය පදවිය සහ සිවිල් ලැයිස්තු ආදායම රඳවා ගැනීමට හැකි වන පරිදි සම්මුතියකට එළඹ තිබූ බව යි. ලේඛනවලින් පෙන්වා දෙන ආකාරයට, එක ම කොන්දේසිය වූයේ ඇය සිංහාසනයට පත්වීමේ අයිතිය අත්හැරිය යුතු බව සහ ඇය විවාහ විය යුතු වන්නේ පල්ලියේ සුඛෝපභෝගී උත්සවයකදී නොව රෙජිස්ට්‍රාර් කාර්යාලයක බව ය.

තවත් විවාහයක්, තවත් දික්කසාදයක්

1955 අගෝස්තු මාසයේදී මාග්‍රට් කුමරිය ඇය විසින් ම ඊඩ්න් වෙත යැවූ ලිපියක් ද ලිපිගොනුවල තිබිණි.

ඔක්තෝබර් මාසයේදී ටවුන්සෙන්ඩ් හමුවන බව ඇය එහි සටහන් කර තිබේ: "මේ ආකාරයෙන් ඔහුව හමුවීමෙන් පමණක් මට ඔහුව විවාහ කර ගත හැකි ද නැද්ද යන්න නිසි ලෙස තීරණය කළ හැකි යැයි මට සිතෙනවා,'' එහි සඳහන් විය. හිටපු බීබීසී රාජකීය වාර්තාකරු පෝල් රෙනෝල්ඩ්ස් 2016දී ලියා තැබුවේ මාග්‍රට් ඔහුව විවාහ කර ගැනීමට ගත් අධිෂ්ඨානය විශ්වාස කළ තරම් ශක්තිමත් නොවූ බවට එම ලිපියෙන් අදහසක් ඉදිරිපත් කෙරෙන බව ය.

1978 වසරේදී ආපසු හැරී බලමින් ටවුන්සෙන්ඩ් පැවසුවේ මාග්‍රට් නිවැරදි තීරණය ගත් බව තමා තවමත් විශ්වාස කරන බව ය. "කුමරියට විඳීමට සිදුවන මෙම ඉතා බරපතළ විශාල පාඩු, ප්‍රධාන වශයෙන් මුදල් සහ ගෞරවය ආපසු ලබා දීමට මට කිසිසේත් හැකියාවක් තිබුණේ නෑ. එහෙම කළා නම් ඇයට ප්‍රායෝගිකව සියල්ල අහිමි වෙන්න තිබුණා," ඔහු පැවසුවේ ය.

ඉතින්, එය එලෙස සිදු විය. ටවුන්සෙන්ඩ් නැවතත් ස්වේච්ඡාවෙන් ම බෙල්ජියමට ගිය අතර, ඔහු දුම්කොළ ව්‍යාපාරයක උරුමක්කාරියක වූ 20 හැවිරිදි මාරි ලූස් සමග විවාහ විය. 1960 වසරේදී, මාග්‍රට් කුමරිය ඡායාරූප ශිල්පී ඇන්ටනි ආම්ස්ට්‍රෝං ජෝන්ස් සමග විවාහ වූ අතර, ඔවුන්ගේ විවාහ දිනයේදී ඇය ස්නෝඩ්න්හි අර්ල්වරිය වූවා ය. ටවුන්සෙන්ඩ් බීබීසීය සමග පැවති සම්මුඛ සාකච්ඡාවෙන් මාස තුනකට පසු, 1978 වසරේදී කුමරිය පළමු වන ජෝර්ජ්ට පසුව දික්කසාද වූ පළමු රාජකීයයා වූවා ය.

පැරණි පෙම්වතුන් සඳහා සුරංගනා කතාවල දැක්වෙන පරිදි නැවත හමුවීමක් සිදු නොවනු ඇතත්, ටවුන්සෙන්ඩ් මාග්‍රට් පිළිබඳ ආදරණීය මතකයන් දරාගෙන සිටියේ ය. ඇය දැකීමට ලැබුණොත් ඔහුට දැන් කෙසේ දැනේවි ද? යන්න විමසූ විට ඔහු පැවසුවේ, ''මම ඇයව දැකීමෙන් සතුටු වෙයි, මම අනුමාන කරනවා ඇය මේ කාමරයට ඇවිද ආවොත් ඒ එන්නේ ඒ ඇය මා දැකීමට සතුටු වන නිසා ම පමණක් කියලා,'' යනුවෙනි.