ඩයනාගේ පෙම්වතාගේ පියා: කාර්ය මණ්ඩලයේ ස්ත්‍රී දූෂණ චෝදනා රැසකට ලක්වූ මොහොමඩ් අල් ෆයිඩ්

- Author, කැසී කෝනිෂ් - ට්රෙස්ට්රේල්, කීට්න් ස්ටෝන්, එරිකා ගෝනාල් සහ සාරා බෙල්
- Role, බීබීසී
ලන්ඩනයේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක් වන හැරඩ්ස්හි සේවය කළ කාලයේදී එහි හිටපු ප්‍රධානියෙකු වූ මොහොමඩ් අල් ෆයිඩ් විසින් තමන් දූෂණය කරනු ලැබූ බව කාන්තාවන් පස් දෙනෙක් පවසති.
පසුගිය වසරේ මිය ගිය 94 හැවිරිදි මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා තමන්ව බලහත්කාරයෙන් දූෂණය කිරීම් ඇතුළු ලිංගික අපයෝජන කළ බව පවසන හිටපු සේවිකාවන් 20කට අධික සංඛ්‍යාවකගේ සාක්ෂිවලට බීබීසී පුවත් සේවය සවන් දී ඇත.
Al-Fayed: Predator at Harrods - නැමති වාර්තා වැඩසටහන සහ පොඩ්කාස්ට් - වාර්තාව මගින් ෆයිඩ්ගේ හිමිකාරිත්වය තුළ හැරඩ්ස් ආයතනය මෙම අපයෝජන චෝදනා වසන් කිරීමට සහය වූවා පමණක් නොව ඊට මැදිහත් වීමට අපොහොසත් වූ බවට සාක්ෂි රැස් කළේ ය.
හැරඩ්ස්හි වත්මන් හිමිකරුවන් කියා සිටියේ, ඔවුන් චෝදනාවලින් “සම්පූර්ණයෙන් ම කම්පනයට පත් වූ” බවත් ඔහුගේ වින්දිතයින්ට අසාධාරණයක් වූ බවත් ය - ඒ පිළිබඳව එම සාප්පූ සංකීර්ණය සමාව අයැද සිටියේ ය.
"දූෂණ හා අපචාර සම්බන්ධයෙන් මෙම සමාගම තුළ ඇති ජාලය ඇදහිය නොහැකි තරම් සහ ඉතා අඳුරු," බව කාන්තාවන් ගණනාවක් නියෝජනය කරන නීතිඥ කණ්ඩායමක නීතිඥවරයෙකු වන බෲස් ඩෘමන්ඩ් පවසයි.
අවවාදයයි: මෙම කතාවේ ඇතැමුන් ව්‍යාකූලත්වයට පත් විය හැකි තොරතුරු අඩංගු වේ.
ලන්ඩන්, පැරිස්, ශාන්ත ට්රොපෙස් සහ අබුඩාබි යන නගරවල මෙම සිදුවීම් සිදුව ඇත.
“එහෙම වෙනවාට මම කැමති නැති බව මම පැහැදිලිව ම කිව්වා. මම කැමැත්ත දුන්නේ නැහැ. මට ඕන වුණේ ඒක නතර කරන්න,” එක් කාන්තාවක පැවසූ අතර, ඇය කියා සිටියේ ෆයිඩ් ඔහුගේ පාර්ක් ලේන් මහල් නිවාසයේදී ඇයව දූෂණය කළ බව ය.
මේෆෙයාර් ලිපිනයේදී ඔහු තමාව දූෂණය කරන විට තමා නව යොවුන් වියේ පසුවූ බව තවත් කාන්තාවක් පවසයි.
"මොහොමඩ් අල් ෆයිඩ් කියන්නේ රාක්ෂයෙක්, කිසි ම සදාචාරාත්මක බවක් නැති ලිංගික විලෝපිකයෙක්" යැයි ඇය පවසන අතර හැරඩ්ස්හි සියලු ම කාර්ය මණ්ඩලය ඔහුගේ "සෙල්ලම් බඩු" බව පවසයි.
“අපි හැමෝම හොඳට ම බය වුණා. ඔහු ක්‍රියාශීලීව අපිව බිය ගැන්නුවා. ඔහු ‘පනින්න’ කීවොත් සේවකයන් අහන්නේ ‘කොච්චරක් උස ද’ කියලා.”
ෆයිඩ් ජීවතුන් අතර සිටියදී ලිංගික අපයෝජන චෝදනාවලට මුහුණ දුන් නමුත් මෙම චෝදනා පෙර නොවූ විරූ පරිමාණයෙන් සහ බරපතළකමකින් යුක්ත වේ. තවත් බොහෝ කාන්තාවන් අපයෝජනයට ලක්ව ඇති බව බීබීසී විශ්වාස කරයි.
'ෆයිඩ් නපුරෙක්'
ෆයිඩ්ගේ ව්‍යවසායක ජීවිතය ආරම්භ වූයේ, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීදිවල ය. නමුත් ඔහු සෞදි අරාබියේ කෝටිපති ආයුධ වෙළෙන්දෙකුගේ සොහොයුරියක සමග විවාහ වීම ඔහුට නව සබඳතා ගොඩනගා ගැනීමට සහ ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගීමට උපකාරී විය.
1974 දී ඔහු එක්සත් රාජධානියට සංක්‍රමණය වූ අතර 1985 දී හැරඩ්ස් ජාලය භාර ගන්නා විට විටත් ඔහු ප්‍රසිද්ධ චරිතයක් විය. 1990 සහ 2000 ගණන්වලදී, ඔහු ප්‍රයිම්-ටයිම් රූපවාහිනී කථිකා සහ විනෝදාස්වාද වැඩසටහන්වල ආරාධිත අමුත්තෙකු ලෙස නිරන්තරයෙන් පෙනී සිටියේ ය.
මේ අතර, 1997 දී වේල්ස් කුමරිය වූ ඩයනා සමග මෝටර් රථ අනතුරකින් මිය ගිය ෆයිඩ්ගේ පුත් ඩොඩි - The Crown නැමති Netflix කතා මාලාවන් දෙක හරහා නව පරම්පරාව හඳුනා ගනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නමුත් අප කතා කළ කාන්තාවන් පැවසුවේ, ඔහුගේ ප්‍රසන්න හා සුහදශීලී ස්වරූපය සත්‍ය ස්වභාවයෙන් බොහෝ දුරස් වූ බව ය.
1988 සිට 1991 දක්වා ඔහුගේ පෞද්ගලික සහායිකාව ලෙස සේවය කළ සොෆියා පවසන පරිදි, “ඔහු නපුරෙකි”. ඇය පවසන්නේ, ඔහු තමාව දූෂණය කිරීමට කිහිප වරක් ම උත්සහ කළ බව ය.
“ඒකෙන් මට කේන්ති යනවා, මිනිස්සු එයාව එහෙම මතක තබා ගත යුතු නැහැ. ඒ, එයාගේ හැටි නෙමෙයි. ”
ඇතැම් කාන්තාවන් රූගත කිරීම්වලදී නිර්නාමිකභාවය සඳහා ඇති අයිතිය ඉවත දමා හෝ අර්ධ වශයෙන් ඉවත දමා තිබිණි. බීබීසී පුවත් සේවය, ඔවුන්ගේ වාසගම භාවිත නොකිරීමට එකඟ විය. තවත් සමහරු නිර්ණාමිකව සිටීමට තීරණය කළහ. ඔවුන්ගේ සාක්ෂි මගින් ෆයිඩ්ගේ ආක්‍රමණශීලි හැසිරීම් සහ ලිංගික අපයෝජන රටාව පිළිබඳව හෙළි කරයි.
හැරඩ්ස් හිමිකරු නිතර ම පාහේ සාප්පු සංකීර්ණයේ සංචාරය කරන අතර ඔහුට ආකර්ෂණීය යැයි හැඟෙන තරුණ අලෙවි සහායිකාවන් හඳුනා ගනී. පසුව උඩුමහලේ පිහිටි සිය කාර්යාලවල සේවය කිරීම සඳහා එම කාන්තාවන්ගේ තනතුරු උසස් කරන බව එවකට පැවති කාර්ය මණ්ඩලයට අයත් සේවක සේවිකාවෝ, අප වෙත පැවසූහ.
මෙම අපයෝජන කරනු ලබන්නේ, හැරඩ්ස් කාර්යාලවල, ෆයිඩ්ගේ ලන්ඩන් මහල් නිවාසයේ හෝ විදේශ සංචාරවලදී ය - බොහෝ විට පැරිසියේ ඔහුට අයත් රිට්ස් හෝටලයේ හෝ ආසන්නව පිහිටි විලා වින්ඩ්සර්හිදී ය.
හැරඩ්ස්හිදී, අනෙකුත් හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් අපට පැවසුවේ, සිදුවන්නේ කුමක් ද යන්න පැහැදිලි වූ බව ය.
"අපි හැමෝම ඒ දොරෙන් ඇවිදගෙන යනවා බලාගෙන හිටියා, 'අසරණ කෙල්ල, අද ඔයා' කියලා හිතාගෙන, ඒක නවත්වන්න හයියක් අපිට නැහැ වගේ දැනුණා," ඇලිස් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් පැවසුවාය.
‘ඔහු මාව දූෂණය කළා’
රේචල් (සැබෑ නම නොවේ), 1990 ගණන්වල හැරඩ්ස්හි පෞද්ගලික සහකාරවරියක ලෙස සේවය කළා ය.
ඇය පවසන්නේ, රාජකාරිය නිම වීමෙන් පසු එක් රාත්‍රියක, ලන්ඩනයේ හයිඩ් පාර්ක් දෙසට පෙනෙන පාර්ක් පටුමගේ පිහිටි ඔහුගේ සුඛෝපභෝගී මහල් නිවාසයට ඇයව කැඳවූ බව ය. මෙම ගොඩනැගිල්ල ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් සුරක්ෂා කරන ලද අතර එහි හැරඩ්ස් සේවක කාර්ය මණ්ඩලයක් සහිත ස්ථානීය කාර්යාලයක් තිබිණි.
රේචල් පවසන පරිදි ෆයිඩ් තමාට සිය ඇඳ මත හිඳ ගන්නා ලෙස කියමින් ඇගේ පාදය මත අත තබා තමාට අවශ්‍ය දේ කුමක් ද යන්න පිළිබඳව පැහැදිලි කර තිබේ.
“මට මතක යි ඔහුගේ සිරුර මා මත, ඔහුගේ බර දැනුණා. ඔහු සද්ද කරනවා ඇහුණා. මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා."
“ඔහු මාව දූෂණය කළා.”
පාර්ක් පටුමගේ අංක 60 ස්ථානයේදී, ෆයිඩ් තමන්ට ලිංගික අතවර කළ බව පවසන කාන්තාවන් 13 දෙනෙකු සමග බීබීසී පුවත් සේවය කතා කළේ ය. රේචල් ඇතුළුව ඔවුන්ගෙන් හතර දෙනෙකු පවසන්නේ, තමන් දූෂණයට ලක්වූ බව ය.
තමා ලිංගික අතවරයකට ලක්වූ බව පවසන සොෆියා සමස්ත තත්ත්වය විස්තර කරනු ලැබුවේ, එය ගැලවීමක් නොමැති වූ බියකරු සිහිනයක් ලෙසිනි.
“මට ගැලවෙන්න බැරි වුණා. මට ආපසු යන්න [පවුලේ] නිවසක් තිබ්බෙ නැහැ, මට කුලී ගෙවන්න තිබ්බා, ”ඇය පවසයි. “මට අවශ්‍ය නැති වුණත් මට මේක වෙන්න යන බව මම දැනන් හිටියා. ඒක හරි ම භයානක යි. මගේ ඔළුව අවුල් වුණා. ”
2007-09 අතර කාලයේ ෆයිඩ්ගේ පෞද්ගලික සහකාරවරියක ලෙස සේවය කළ ගෙමා පවසන්නේ, විදේශ සංචාරවලදී ඔහුගේ හැසිරීම වඩාත් බියකරු වූ බව ය.
ඇය පවසන්නේ, VIII එඩ්වඩ් රජු සහ බිරිඳ වොලිස් සිම්සන්ට අයත්ව තිබූ නිවසක් වූ පැරිසියේ බෝ ඩ බුලොඤ්ඤාහි විලා වින්ඩ්සර්හිදී තමා දූෂණයට ලක් වූ බව ය.
ගෙමා පවසන්නේ, ඇය තම නිදන කාමරය තුළ තිගැස්සී අවදි වූ බව ය. ෆයිඩ් ඇගේ ඇඳ අසල සිටියේ සේද ඇඳුමක් ඇඳගෙන ය. ඉන්පසු ඔහු ඇය සමග ඇඳට යාමට උත්සාහ කළේ ය.
“මම එයාට කිව්වා, ‘නැහැ, මට ඔයා එක්ක ඉන්න ඕන නැහැ’ කියලා. එයා දිගට ම උත්සහ කළේ ඇඳට යන්න, ඒ වෙලාවේ එයා මගේ ඇඟ උඩ හිටියේ [මට] ඇත්තට ම හෙල්ලෙන්න බැරිව හිටියේ.”
"මම ඇඳ මත මුණින් අතට හිටියේ, එයා මාව තද කළා"
ඇය පවසන්නේ, ෆයිඩ් තමාව දූෂණය කළ පසු ඇය හඬා වැටුණු බව ය. ඔහු නැගිට ඩෙටෝල්වලින් සෝදාගන්නා ලෙස ආක්‍රමණශීලී ලෙස ඇයට පැවසූ බව ඇය කියා සිටියාය.
“පැහැදිලිව ම ඔහුට අවශ්‍ය වූයේ ඔහු මා අසල කොතැනක හෝ සිටින බවට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වන ලෙස මකා දැමීම යි,” ඇය පැහැදිලි කරයි.
තවත් කාන්තාවන් 8 දෙනෙකු ද අපට ප්‍රකාශ කළේ, ෆයිඩ් පැරිසියේ පිහිටි ඔහුගේ නිවාසවලදී තමන්ට ලිංගික අතවර කළ බව ය. කාන්තාවන් පස් දෙනෙකු මෙම අපයෝජන විස්තර කළේ දූෂණයට තැත් කිරීමක් ලෙස ය.
‘විවෘත රහසක්’
1994 සිට 2004 දක්වා හැරඩ්ස්හි කළමනාකරුවෙකු වූ ටෝනි ලීමිං පවසන්නේ, “මේ කාන්තා අපයෝජන ගැන, මම වැඩ කරන කාලේ දැනගෙන හිටියා. ඒක රහසක් නෙමෙයි”, ලීමිං මතකය ආවර්ජනය කළේ ය. ඔහු කියා සිටියේ, අපයෝජන හෝ ස්ත්‍රී දූෂණය පිළිබඳ බරපතළ චෝදනා ගැන තමා දැන නොසිටි බව ය.
"ඒ වගේ ම මම හිතන්නේ මම දැනන් හිටියා නම් හැමෝම දැනගෙන හිටියා. කවුරුහරි නැහැ කියනවා නම්, ඔවුන් කියන්නේ බොරු, මට සමාවෙන්න".
ෆයිඩ්ගේ ආරක්ෂක කණ්ඩායමේ හිටපු සාමාජිකයින් ද ලීමිංගේ සාක්ෂිය තහවුරු කර තිබේ.
"එයා තරුණ ගැහැණු ළමයින්ට විශාල උනන්දුවක් තිබ්බ බව අපි දැනගෙන හිටියා" යැයි 1979 දී ගබඩා රහස් පරීක්ෂකයෙකු ලෙස හැරඩ්ස් සමග සම්බන්ධ වූ ඊමන් කොයිල් පැවසීය. 1989-95 අතර කාලයේදී ඔහු එහි ආරක්ෂක නියෝජ්‍ය අධ්යක්ෂවරයා බවට පත්විය.
මේ අතර, සිය වාසගම හෙළි කිරීමට අකමැති ස්ටීව් 1994-95 අතර කාලයේ මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා යටතේ සේවය කළේ ය. "හැරඩ්ස් සහ පාර්ක් ලේන්වල ඇතැම් සේවිකාවන්ට යම් යම් දේවල් සිදුවන බව ආරක්ෂක කාර්ය මණ්ඩලය දැන සිටියා," යැයි ඔහු අපට පැවසීය.
බොහෝ කාන්තාවන් අප වෙත කියා සිටියේ, තමන් ෆයිඩ් වෙනුවෙන් සෘජුව සේවය කිරීමට පටන් ගන්නා විට වෛද්‍යවරුන් විසින් කරනු ලබන ලිංගික සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළුව වෛද්‍ය පරීක්ෂණවලට තමන් භාජනය වූ බව ය.
මෙය වරප්‍රසාදයක් ලෙස ලද බව කාන්තාවන් අපට පැවසූ නමුත් බොහෝ දෙනෙකු තම පරීක්ෂණ ප්‍රතිඵල දැක නොතිබූ අතර ඒවා ෆයිඩ් වෙත යවා තිබිණි.
2005 වසරේ විධායක සහකාරවරියක වූ කැතරින් පවසන්නේ, “ඔයා කා එක්ක හරි නිදා ගන්න අදහස් කරනවා නම් මිසක්, මගේ ලිංගික සෞඛ්‍යය ගැන දැන ගැනීමෙන් කාටවත් ඇති ප්‍රයෝජනයක් නැහැ නේ,” 2005 වසරේ විධායක සහායිකාවක් වූ කැතරින් පවසයි.
'භීතියේ සංස්කෘතිය'
අප සමග කතා කළ සියලු ම කාන්තාවන් රැකියාවේදී තමන්ට බියක් දැනුණු බව විස්තර කළා ය - ඔවුන්ට කතා කර ගැනීමට පවා අපහසු විය.
සාරා (ඇගේ සැබෑ නම නොවේ) පැහැදිලි කළේ: “සම්පූර්ණ සාප්පු සංකීර්ණය පුරා ම ඇත්තට ම භීතියේ සංස්කෘතියක් තිබුණේ - පහළ අයගේ සිට ඉහළ ම පුද්ගලයා දක්වා."
තවත් සමහරුන් අපට පැවසුවේ, හැරඩ්ස්හි දුරකතන ටැප් කර ඇති බව ඔවුන් විශ්වාස කළ බව ය. එමෙන් ම, සැඟවුණු කැමරාවලින් රූගත කරනු ඇතැයි බියෙන් කාන්තාවන් ෆයිඩ්ගේ අපයෝජනය ගැන එකිනෙකා සමග කතා කිරීමට බිය වූ බව ද ඔවුහු පැවසූහ.
හිටපු නියෝජ්‍ය ආරක්ෂක අධ්යක්ෂ ඊමන් කොයිල් මෙය සනාථ කළේ ය - පටිගත කරන ලද ඇමතුම්වලට සවන් දීම ඔහුගේ කාර්යයේ කොටසක් වූයේ කෙසේ ද යන්න පැහැදිලි කළේ ය. විධායක කාමර ද ඇතුළුව සාප්පු සංකීර්ණය පුරා පටිගත කළ හැකි කැමරා ද සවි කර තිබූ බවත්, ඔහු පැවසීය.
"ඔහු [ෆයිඩ්] ඔහුට වැරදිවලට අල්ල ගන්න අවශ්‍ය සෑම කෙනෙකු ම වැරදිවලට අල්ල ගත්තා."
හැරඩ්ස් බීබීසී වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මේවා "තමාගේ බලය අනිසි ලෙස භාවිත කිරීමේ චේතනාවක් සහිත" පුද්ගලයෙකුගේ ක්‍රියා වන අතර, ඒවා දැඩි ලෙස හෙළා දකින බව ය.
එහි මෙසේ සඳහන් විය: "අද හැරඩ්ස් යනු 1985 සහ 2010 අතර අල් ෆයිඩ් විසින් පාලනය කරන ලද ආයතනයට වඩා බෙහෙවින් වෙනස් ආයතනයකි, එය අප කරන සෑම දෙයක ම හදවතේ අපගේ සේවකයින්ගේ ශුභසාධනය තැබීමට උත්සහ කරනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1995 දී Vanity Fair සඟරාව කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ ලිංගික අපචාර චෝදනා කරන ලිපියක් මගින් 1995 දී ෆයිඩ්ගේ මරණයට පෙර හෙළිදරව් කිරීමට උත්සහ කර තිබිණි. එය අපහාස නඩුවක් දක්වා දුරදිග ගියේ ය.
නඩු විභාගයකට සූදානම් වීම සඳහා සඟරාව විසින් ඔහුගේ ලිංගික අපචාර පිළිබඳ වැඩිදුර සාක්ෂි එකතු කර ඇති අතර මොහොමඩ් අල් ෆයිඩ් පසුව නඩුව අත්හැරීමට එකඟ විය. ෆයිඩ්ගේ බේරුම්කරණය ජ්‍යෙෂ්ඨ හැරඩ්ස් විධායකයෙකු විසින් සාකච්ඡා කරන ලදී.
1997 වසරේදී, ITVහි 'ද බිග් ස්ටෝරි' වැඩසටහන මගින් ලිංගික අතවර කිරීම් සහ ස්පර්ශ කිරීම් ඇතුළු තවත් බරපතළ චෝදනා වාර්තා කළේය - එය ලිංගික අතවර ලෙස වර්ග කර ඇත.
බීබීසී විමර්ශනයේදී එක් කාන්තාවක වූ එලී (ඇගේ සැබෑ නම නොවේ), 2008 වසරේදී ඇය පහර දීමක් පිළිබඳව පොලිසියට වාර්තා කරන විට ඇගේ වයස අවුරුදු 15කි - එය සිරස්තල මැවූ චෝදනාවක් වූ නමුත් කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් නොලැබිණි.
2017 වසරේදී, චැනල් 4 නාලිකාවේ ඩිස්පෑචස් වැඩසටහන විසින් ස්පර්ශ කිරීම්, පහර දීම සහ හිරිහැර කිරීම පිළිබඳ චෝදනා විකාශනය කරන ලද අතර, එක් කාන්තාවක් පළමු වරට සිය අනන්‍යතාව හෙළි කළා ය. එය සමහර කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට ධෛර්යය ලබා දුන්නේ ය - ඉන් අනතුරුව චැනල් 4 ප්රවෘත්ති ඔස්සේ 2018 විමර්ශනයක් ද සිදු විය.
නමුත් පසුගිය වසරේ මොහොමඩ් අල් ෆයිඩ් මිය යාමත් සමග බොහෝ කාන්තාවන්ට ස්ත්‍රී දූෂණ සහ දූෂණයට තැත් කිරීම් පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට හැකි යැයි හැඟී ඇත්තේ දැන් ය.
මුදල් සහ අනාවරණය නොකිරීමේ ගිවිසුම්
බීබීසී වාර්තා වැඩසටහන හෙළි කරන්නේ, 2009 දී ගෙමාගේ බේරුම්කරණයේ කොටසක් ලෙස, තොරතුරු රහසිගතව පවතින බව සහතික කරන නීත්‍යනුකූලව බැඳී ඇති ගිවිසුමක් වන හෙළිදරව් නොකිරීමේ ගිවිසුමකට (NDA) අත්සන් කිරීමට ඇයට සිදු වූ බව ය.
දූෂණයට ලක්වූ පසු ඇය නීතිඥයෙකු සම්බන්ධ කර ගත් අතර, ඇය ලිංගික හිරිහැර කිරීම් හේතුවෙන් රැකියාවෙන් ඉවත් වන බව හැරඩ්ස් කළමනාකාරීත්වයට දැනුම් දුන්නා ය. ෆයිඩ්ගේ ප්‍රහාරවල සම්පූර්ණ ප්‍රමාණය සහ බරපතළකම හෙළි කිරීමට තමාට ඒ අවස්ථාවේ හැකියාවක් නොතිබුණු බව ගෙමා පවසයි.
හැරඩ්ස් ඇයට පිටවිය හැකි බවට එකඟ වූ අතර ඇය සියලු සාක්ෂි ඉරා දමා හෙළිදරව් නොකිරීමේ ගිවිසුමකට අත්සන් කිරීම සඳහා යම් මුදලක් ගෙවනු ඇත. මෙම ඉරා දැමීම සිදු වන විට හැරඩ්ස්ගේ මානව සම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු පැමිණ සිටි බව ගෙමා පවසයි.
හැරඩ්ස් සමාගමේ එවකට ආරක්ෂක අධ්‍යක්ෂක ජෝන් මැක්නමාරා විසින් කාන්තාවන්ට තර්ජනය කර බිය ගන්වා ඔවුන් කතා කිරීම නැවැත්වීමට කටයුතු කළ බව බීබීසීයට දැන ගැනීමට ලැබිණි.
අප සමග මෑතකදී කතා කළ කාන්තාවන් 14 දෙනෙක් හානි වෙනුවෙන් හැරඩ්ස් සමාගමට එරෙහිව සිවිල් හිමිකම් නඩු ගොනු කළහ. හෙළිදරව් නොකිරීමේ ගිවිසුම් සඳහා අත්සන් කරන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා නොසිටි වෙළෙඳසලේ වත්මන් හිමිකරුවෝ, 2023 වසරේ ජූලි මාසයේදී ඒවා විසඳීමට පටන් ගත්හ.
එකඟතාවකට පැමිණීමට සොෆියා සහ හැරඩ්ස් සමාගමට වසර පහක් ගත විය. ඇයගේ නඩුවේදී, ආයතනය කනගාටුව ප්‍රකාශ කළ නමුත් වගකීම පිළිගත්තේ නැත. තවත් බොහෝ කාන්තාවන් හැරඩ්ස් සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට දැන් සලකා බලමින් සිටියි.
අප සමග කතා කළ සමහර කාන්තාවන් නියෝජනය කරන නීතිඥවරුන් - බෲස් ඩෘමන්ඩ් සහ ඩීන් ආම්ස්ට්‍රෝං කේසී - අනාරක්ෂිත රාජකාරි ක්‍රමයට ආයතනය වගකිව යුතු යැයි තර්ක කරති.
“ඕනෑ ම සේවා ස්ථානයකට එහි සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට යුතුකමක් තියෙනවා. ප්‍රශ්නයකින් තොරව, සමාගම මෙම කාන්තාවන් නොසලකා හැර තිබෙනවා," ඩෘමන්ඩ් පැවසීය.
“අපි මේකට මැදිහත් වෙන්නේ ඒකයි. මොක ද ඔවුන් ඇත්තට ම මේක වළක්වන්න කිසි ම දෙයක් කළේ නැහැ. ඔවුන් කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය යි. ඔවුන් එය සක්‍රීය කළා. ”
“අපි කියන්නේ හැරඩ්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨයින් මෙය සඟවා දැමීමට පැහැදිලිව ම උත්සහ දරා තිබෙන බව යි,”ආම්ස්ට්‍රෝං තවදුරටත් පැවසීය.
තවත් බොහෝ කාන්තාවන් හැරඩ්ස් සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට දැන් සලකා බලමින් සිටියි.
ඇතැම් කාන්තාවන් නියෝජනය කරන නීති කණ්ඩායමේ සිටින නීතීඥ මාරියා මල්ලා - සේවාදායකයින් දැන් ඉදිරිපත් වන බව පවසන්නේ, මීට පෙර ඔවුන් කතා කිරීමට “අතිශයින් ම භීතියට පත්ව සිටි බැවින්” බව ය.
"ඔවුන්ට සිදුවූ දේ සම්බන්ධයෙන් මිනිසුන්ට වගවීම වෙනුවෙන් මෙම නඩු කටයුත්තේ කොටස්කරුවන් වීමට අවශ්‍ය වී තිබෙන අතර, අනාගතයේදී මෙම දේවල් ඔවුන්ගේ ම දරුවන්ට සහ දරුවන්ගේ දරුවන්ට නැවත සිදු නොවීමට වග බලා ගැනීමට උත්සහ කරනවා."
“2023 දී අල් ෆයිඩ් විසින් කරන ලද බව කියන ලිංගික අපයෝජන පිළිබඳ ඓතිහාසික චෝදනා පිළිබඳ නව තොරතුරු අනාවරණය වූ දා සිට, හැකි ඉක්මනින් හිමිකම් පියවීම අපගේ ප්‍රමුඛතාව වී තිබෙනවා. මෙම ක්‍රියාවලිය වත්මන් හෝ හිටපු හැරඩ්ස් සේවකයින් සඳහා තවමත් පවතිනවා," හැරඩ්ස් සමාගම බීබීසීයට පැවසීය.
"අපට අතීතය අහෝසි කළ නොහැකි නමුත්, අනාගතයේදී එවැනි හැසිරීම් නැවත සිදු නොවිය හැකි බව සහතික කරන අතර ම, අද අප දරන සාරධර්ම මගින් මෙහෙයවනු ලබන සංවිධානයක් ලෙස නිවැරදි දේ කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු."
"ආයතනික වටිනාකම් සමග නොගැලපෙන සියලු ආකාරයේ හැසිරීම් දැඩි ලෙස හෙළා දකින" බව පැරිසියේ රිට්ස් හෝටලය පැවසුවේ ය.
ෆයිඩ් මිය ගිය කාලය වන විට, තහවුරු නොකළ වාර්තා අනුව ඔහුගේ වටිනාකම පවුම් බිලියනයක් ඉක්මවයි. නමුත් කාන්තාවන්ට කතා කිරීමට පෙළඹවීමක් වූයේ, මුදල් නොවන බව ඔවුහු පවසති.
"මම වසර ගණනාවක් නිහඬව සහ නිශ්චලව කතා නොකර හිටියා," ගෙමා පවසයි, " ඒ ගැන කතා කිරීම හරහා යම් සහනයක් වනු ඇතැයි මම දැන් බලාපොරොත්තු වෙනවා. අප සියල්ලන්ට ම ඉන් යහපතක් සහ සුවයක් දැනෙන්නට පටන් ගනීවි," ඇය පැවසීය.















