අයවැය යෝජනා සඳහා කැබිනට් අනුමැතිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (නොවැ 09) සවස 03 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද උදෑසන රැස්වූ කැබිනට් මණ්ඩලය නව අයවැය යෝජනා සඳහා අනුමැතිය දී ඇත.
අයවැය යෝජනා තුළ ප්‍රතිපත්තිමය කාරණා සඳහා වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
එසේම මුදල් ඇමතිවරයාගේ අයවැය කතාව පැය දෙකකට වැඩි නොවිය හැකි බව ප්‍රකාශකයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානආණ්ඩුවේ සිව් වෙනි අයවැය මෙයයි.
අයවැය ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල අඩු කිරීමට මුදල් අමාත්‍යංශය ඊයේ (නොවැ 08) පියවර ගෙන තිබුණි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ඉහත කී ආකාරයේ සහන ලබා දීමට තීන්දු කළේ ජනවාරි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගෙන දැයි බීබීසී සිංහල සේවය මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් විමසීමක් කළ විට ඊට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා කියා සිටියේ "ඡන්දය සහ ජනතාවට සහන ලබා දීම යනු එකක් නොව දෙකක්" බවය.
2018 අයවැය යෝජනා පිළිබඳ අලුත්ම පුවත් ඉක්මනින් බලාපොරොත්තු වන්න.
සබැඳි යොමු:












