එංගලන්ත ක්‍රිකට් නායකයාත් IPL තරඟාවලියට?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියානු ප්රෙමියර් ලීග් (IPL) තරඟාවලිය තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් තමා ඊට මනාප බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් (Joe Root) පවසයි.
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු සිය ජාතික කණ්ඩායමේ නායකත්වය දරන අතරවාරයේ IPLතරඟාවලියක් සඳහා මින් පෙර ක්‍රීඩා කර නැත.
2018 අප්‍රියෙල් සහ මැයි මාස වලින් වැඩි කොටසක කලින් සැලසුම් කරන ලද තරඟාවලීන් නොමැති හෙයින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩි දෙනකුට IPL තරඟාවලියට සහභාගී වීමේ නිදහස් කාල විරාමයක් පවතියි.
IPL ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ලෝකයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ලංසු තැබෙන විස්සයි විස්ස තරඟාවලියයි.
"මට IPL තරඟාවලියට සහභාගී වෙන්න ඇත්නම් එය කදිම අවස්ථාවක්. කොහොම වුනත් මම එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. මම පළමු තැන දෙන්නේ එංගලන්ත කණ්ඩායමට" ජෝ රූට් පවසයි.
පසුගිය අවුරුදුවල ක්‍රීඩා කාල සටහන් අනුව එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉන්දියානු ප්රෙමියර් ලීග් (IPL) තරඟාවලියේ සමස්ත කාලය එහි ගත කළ නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේවෙතත්, 2017 ඉන්දියානු ප්‍රේමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා තෝරාගනු ලැබ සිටි එංගලන්ත ක්‍රීඩකයන් වූ බෙන් ස්ටෝක්ස්,ජොස් බට්ලර් සහ ක්‍රිස් වෝක්ස් වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය එම ක්‍රීඩකයන් අයර්ලන්තයට එරෙහිව පැවැත්වුන එක්දින ජාත්‍යන්තර තරඟ දෙකකින් නිදහස් කිරීමට එකඟ විය.
එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක් මේ වසරේ ( 2017) ඉන්දියානු ප්රෙමියර් ලීග් තරඟාවලියේ දී ඉතා ඉහළ ලංසුවකට අලෙවි වූ IPL ක්‍රීඩකයා බවට පත් වූ අතර 'රයිසින් පූනේ සුපර් ජයන්ට්ස්' (Rising Pune Supergiants) ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ඔහු මිල දී ගනු ලැබ තිබුණේ ස්ටර්ලින් පවුම් දහසය ලක්ෂයක් ගෙවමිනි.
බීබීසී ක්‍රීඩා අංශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් ලබන වසරේ (2018) IPL තරඟාවලිය ආරම්භ වීමට පෙර මේ වසරේ ඉතිරි මාස කීපය තුළ තරඟ රැසක් යෙදී ඇති බව සඳහන් කළේය.
කෙසේවුවද, ඉදිරි සැලසුම් පිළිබඳව සිය ක්‍රිකට් කළමනාකරු සහ පුහුණුකරු සමඟ සාකච්ඡා කළ යුතුව ඇති බවත් එංගලන්ත නායකයා සිහිපත් කරයි.
"මට IPL ගහන්න අවස්ථාවක් ලැබෙනවා නම් හරිම සතුටුයි. ඒත් පවතින කොන්දේසි පිළිබඳව යථා දැක්මක් තියා ගන්නත් අවශ්‍යයි" ජෝ රූට් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිය රටේ පැවැත්වෙන 2019 ලෝක කුසලාන තරඟාවලිය දිනා ගැනීම තම ඉලක්කය බවට පත්කර ගෙන ඇති එංගලන්ත කණ්ඩායමට, සිය ක්‍රීඩකයන් IPL තරඟ සඳහා සහභාගී කරවමින් ලෝකයේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුහුණ දීමෙන් සහ විවිධ පුහුණුකරුවන් යටතේ කටයුතු කිරීම මගින් ලබන අත්දැකීම් එම ඉලක්කය සපුරා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇතැයි ක්‍රීඩා විශ්ලේෂකයෝ පෙන්වා දෙති.








