මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයට IPL අහිමි වේද?

සෙනසුරාදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමිය ලීගය හෙවත් IPL තරඟ, නියඟයට මුහුණ දී සිටින මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් පිට වෙනත් ප්‍රදේශයක පවත්වන ලෙස ඉන්දියාවේ අධිකරණයක් නිර්දේශ කොට තිබේ.
නියඟය පවතින මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයට අයත් මුම්බායි නුවර පිහිටි තණ තීරු සැකසීම සඳහා ජලය විශාල වශයෙන් යොදා ගෙන ඇති බවයි මුම්බායි මහාධිකරණය ප්‍රකාශ කළේ.
තරඟ වෙනත් ප්‍රදේශයක පැවැත්වීම ප්‍රතික්ෂේප කරන IPL ශූරතාවලියේ ප්‍රධානී රජිව් ශුක්ලා ජල හිඟයට විසඳුමක් ලබා දෙන ලෙසයි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
අප්‍රේල් සහ මැයි මාසයන්හිදී ඉන්දියාවේ මුම්බායි, පූනේ සහ නාග්පූර් යන නගර වල IPL තරග පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ පළ කර ඇති එක් වාර්තාවකින් පෙන්වා දෙන්නේ මෙම තණ පිට්ටනි නිසි ප්‍රමිතියට පවත්වා ගෙන යාම සඳහා ජලය ලීටර් ලක්ෂ හැටක් පමණ වැය වන බවයි.
'ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල ජල හිඟයක් තිබෙද්දී අපි කොහොමද මෙච්චර වතුර නාස්ති කරන්නේ? මිනිස්සුන්ට වඩා IPL වැදගත් දැයි' අධිකරණය විමසා සිටි බවයි NDTV ඉන්දීය රූපවාහිනිය අධිකරණය උපුටා දක්වමින් කියා සිටියේ.




