මැතිව්ස් සහ අසේල IPL තරගාවලියට

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA CRICKET
Published
මෙවර ඉන්දීය ප්‍රේමියර් ලීග්(IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් මිලට ගැනීමේ වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකු ඉහළ ලංසුවකට අලෙවි විය.
'දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්' ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි දෙකකට මිළ දී ගෙන ඇති අතර 'මුම්බායි ඉන්දියන්ස්' ක්‍රීඩා සමාජය විසින් පිතිකරු අසේල ගුණරත්න මිල දී ගනුලැබ ඇත.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන එක්දින තරඟයේ වීරයා වූ අසේල ගුණරත්න සඳහා 'මුම්බායි ඉන්දියන්ස්' විසින් තබන ලද ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ තිහකි.
මෙවර IPL තරඟාවලියේ දී වැඩිම ලංසුවකට අලෙවි වූ විදේශ ක්‍රිකට් ක්‍රීඩකයා එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Saroj Pathirana
























