බස් අනතුරින් පනහකට වැඩි පිරිසක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AP

පාකිස්තානයේ දකුණු දිග ප්‍රදේශයේදී මගී බස් රියක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පනස් හය දෙනකුවත් මිය ගොස් තිබේ.

ගැටීම හේතුවෙන් ඉන්ධන ටැංකිය පුපුරා ගොස් බස් රථයට ගිනි ඇවිලිණි.

ගිනි ඇවිළෙමින් තිබූ බස් රිය තුළට ගොස් කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට හැකි වූ බව සහන සේවකයෙක් පැවසුවේය.

මරණයට පත් පිරිසෙන් වැඩි දෙනෙක් දරුවෝ සහ කාන්තාවෝ වෙති.

දකුණු දිග සින්ද් පළාතේ කායිර්පූර් නගරය ආසන්නයේ අනතුර සිදු වී තිබේ.

වේගය සහ මීදුම සහිත කාලගුණය අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.