'ෂියා හසරා මරණය උරුම මිථ්‍යාදෘෂ්ටිකයන් සමූහයක්'

ඡායාරූප මූලාශ්‍රය, EPA
පකිස්තානයේ නිරිත දිග ප්‍රදේශයේ ගමන් ගත් බස් රථයකට තුවක්කු කරුවන් පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් තිබේ.
බස් රථයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සියල්ල 'ෂියා හසරා' නම් ජන සමූහයට අයත් බවයි පැවසෙන්නේ.
මෑත වසර කිහිපය තුලදී සුන්නි මුස්ලිම් මූලධර්මවාදීන් විසින් එල්ල කරන ප්‍රහාර වල ක්‍රමානුකූල වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
සුන්නි කැරලිකරුවන් ෂියා හසරා ජන සමූහය හඳුන්වන්නේ මරණයට උරුම කම් කියන මිථ්‍යාදෘෂ්ටිකයන් සමූහයක් ලෙසයි.
පකිස්තානයේ මානව හිමිකම් කොමිසම පවසන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසර දහය ඇතුළත ෂියා හසරා ජන සමූහයට අයත් ලක්ෂ දෙකක පමණ ජනතාව පකිස්තානය හැර දමා ගොස් ඇති බවයි.




