ශියා මුස්ලිම් පල්ලියක් ගිනිබත් කෙරේ

රාවල්පින්ඩි නගරයේ ආරක්ෂාව තර කර තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රාවල්පින්ඩි නගරයේ ආරක්ෂාව තර කර තිබේ

පාකිස්තාන රාවල්පින්ඩි නුවර පිහිටි ශියා මුස්ලිම් පල්ලියකට එල්ල කළ ප්‍රහාරයකින් එක් අයකු මරුමුවට පත් වී තිබේ.

අහාල් සුන්නත් වාල් ජමාත් දැඩි මතධාරී කණ්ඩායමේ නායකයාගේ ඝාතනයත් සමග උද්ඝෝෂකයන් පැමිණ ශියා පල්ලිය ගිනිබත් කළ බව ප්‍රාදේශීය පොලිසිය කියා සිටියේය.

මුෆ්ති අමානුල්ලා නමැති සුන්නි නායකයා තම මෝටර් රථයේ ගමන් ගමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී තිබේ.

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ සුන්නි නායකයාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.