මුස්ලිම් පල්ලියක් කඩා වැටී විසි හතරක් මරුට

අධික වර්ෂාව හේතුවෙන් දුර්වල තත්වයට පත් වන්නට ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අධික වර්ෂාව හේතුවෙන් දුර්වල තත්වයට පත් වන්නට ඇති බවයි පැවසෙන්නේ

නැගෙනහිර පකිස්තානයේ ලාහෝර් නගරයේ මුස්ලිම් පල්ලියක් කඩා වැටීමෙන් ළමයින් ඇතුළු විසි හතර දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් විසින් සනාථ කොට තිබේ.

විපතට පත් පිරිස අඟහරුවාදා ආගමික මෙහෙයට සහභාගී වෙමින් සිටින විටයි ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී ඇත්තේ.

මුදා ගැනීම් කටයුතු වල යෙදෙන ආපදා සහන සේවකයන් මුළු රාත්‍රිය පුරා කුඩා පටු මාවතක ගොඩ ගැසුණු සුන් බුන් අතර අනතුරට පත් වූවන් සෙවීමේ නිරත වුහ.

මෙම පල්ලි ගොඩනැගිල්ල ඉතා පැරණි එකක් වූ අතර පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් දුර්වල තත්වයට පත් වන්නට ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.