ඉම්රාන් ඛාන් අනුගාමිකයෝ පෑගී මියයති

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පුද්ගලයන් හත් දෙනෙකු පයට පෑගී ජීවිතක්ෂයට පත් කරමින් සහ තවත් හතළිහකට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් සිකුරාදා ඇතිවූ කලබලකාරී වාතාවරණය පිළිබඳව පකිස්තාන බලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
පකිස්තානයේ විරුද්ධපක්ෂ දේශපාලනඥයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් විසින් මුල්ටාන් නගරයේදී පවත්වනු ලැබූ විශාල ජන රැළියක් අවසානයේ දී මෙය සිදුවූ බවයි වාර්තා වන්නේ.
රැළිය අවසානයේ රැස්ව සිටි අතිවිශාල ජනකායට පිටව යාම සඳහා එය පැවති ක්‍රීඩාංගනයේ දොරටු සියල්ල විවෘත කළ යුතුද යන්න පිළිබඳව එකඟතාවක් නොතිබීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවයි සඳහන් වන්නේ.
පසුගිය මාස කිහිපයක සිට ඉම්රාන් ඛාන් මෙවැනි රැළි පවත්වමින් අගමැති නවාස් ෂරීෆ් ට බලකර සිටින්නේ අගමැති පදවියෙන් ඉල්ලා අස්වන ලෙසටයි.




