පාකිස්තානු අගමැති බෝම්බ ප්‍රහාරය හෙලා දකියි

ඡායාරූප මූලාශ්‍රය, AFP
පාකිස්තානයේ සිට ඉන්දියාව වෙත ගමන් කළ හැකි එකම දේශ සීමා මුරකපොල්ල ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරුම පාකිස්තානු අගමැති නවාස් ෂරීෆ් ඇතුළු ප්‍රමුඛ පෙළ දේශපාලනඥයෝ දැඩි ලෙස හෙලා දකිති.
ලාහෝර් නුවර ආසන්නයේ පිහිටි මුරපොල දොරටුව ආසන්නයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පනහකට වැඩි පිරිසක් මිය ගිය අතර සිය දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මරණයට පත් වූවෝ අතර කාන්තාවන්, දරුවන් සහ දේශසීමා ආරක්ෂක මුර සෙබළු ද වෙති.
තාලිබාන් සංවිධානය හා සම්බන්ධ ජුන්දුල්ලා ඇතුළු සටන් කණ්ඩායම් කියා සිටියේ ඔවුන් විසින් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.




