පකිස්තානයට නියමුවන් රහිත ගුවන් ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, AFP

නියමුවන් රහිත ඇමෙරිකානු ගුවන් යානා මගින් පකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයේ එල්ල කල ප්‍රහාරයකින් සටන්කාමීන් බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ දේශ සීමාව අසල 'ඩාටාකෙල්' ප්‍රදේශයේ නවතා තිබු වාහනයක් සහ එම ස්ථානය ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ප්‍රදේශයේ බලධාරීනහු බීබීසී යට පැවසූහ.

ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ, පකිස්තානු හමුදාව උතුරු 'වාසිරිස්තාන්' ගෝත්‍රික ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කොට ඇති අතර මිය ගොස් ඇති පුද්ගලයන්ගෙන් වැඩිදෙනෙක් ඉන් බේරී පළා යාමට උත්සාහ ගත් විදෙස් සටන් කරුවන් බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මාස හයක කාලයකින් පසු මෙලෙස නියමුවන් රහිත යානා මගින් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ.

එම මෙහෙයුම් සඳහා තම නිල අවසරය ලබා දී නැති බව පකිස්තානය අවධාරණය කරයි.