පාකිස්තාන ආණ්ඩු විරෝධීන්ට කඳුළු ගෑස්

පාකිස්තානයේ සුප්‍රසිද්ධ ආණ්ඩු විරෝධී පුජකවරයෙක් වන තහිරුල් ක්වාද්රි ගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට ඉස්ලාමාබාද් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
පාකිස්තානය බලා පැමිණි කැනඩාවේ වෙසෙන තහිරුල් ක්වාද්රි ඉස්ලාමාබාද් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් පෙළ ගැසී සිටියදීයි, මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරුනේ.
ඒ අතර තහිරුල් ක්වාද්රි පැමිණි ගුවන්යානය ලාහෝර් ගුවන්තොටුපොළට හරවා හැරීමට බලධාරීහු ක්‍රියා කළහ.
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව සාමකාමී විප්ලවයක් දියත් කළ යුතු බවට තහිරුල් ක්වාද්රි ඉල්ලා සිටියි.
ඇෆ්ගනිස්තාන දේශ සීමා ආසන්නයේ, තාලිබාන් සාමාජිකයන් ක්‍රියාකාරීව සිටින ගෝත්‍රික ප්‍රදේශ ඉලක්ක කර පාකිස්තාන හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවකදීයි තහිරුල් ක්වාද්රි පුජකවරයාගේ පාකිස්තානු සංචාරය යෙදී තිබෙන්නේ.
මීට සතියකට පෙර තහිරුල් ක්වාද්රි ගේ අධාරකරුවන් විසිරුවා හැරීමට ලාහෝර් නුවර, පොලිසිය විසින් කළ වෙඩි තැබීමක දී අට දෙනෙකු මරුමුවට පත් විය.




