ජනරාල් මුෂාරෆ්ට රාජද්‍රෝහී චෝදනා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ හදිසි නීතිය පැනවීම සඳහා රාජද්‍රෝහීව ක්‍රියා කිරීමේ චෝදනා යටතේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට එරෙහිව පකිස්තාන් උසාවියක් ඉදිරියේ අද සඳුඳා නඩු පවරනු ලැබුණි.
මෙයින් පෙරත් එක් වතාවක් පර්වේෂ් මුෂාරෆ් උසාවිය ඉදිරියට පමුණුවනු ලැබ විධිමත් අධිකරණ පටිපාටිය අනුව නඩු පවරනු ලැබයි තිබුණේ.
මෙය හිටපු පකිස්තාන් නායකයා උසාවියට ඉදිරිපත් කෙරුණ දෙවන අවස්ථාවයි.
ඔහු තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
එම චෝදනා දේශපාලන යටි අරමුණු සහිතව ගොතන ලද ඒවා වන බවයි හිටපු ජනාධිපති ජනරාල් මුෂාරෆ් කියා සිටින්නේ.
දේශපාලන අරමුණු

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
රාජද්‍රෝහී චෝදනා යටතේ සිවිල් උසාවියක් ඉදිරියේ නඩු පැවරීමකට මුහුණ දෙන පළමු පකිස්තාන් හිටපු හමුදා පාලකයා ජනරාල් මුෂාරෆ් වනු ඇත.
මේ වසර ආරම්භයේ පටන්ම ඔහු රෝහල් ගත කරනු ලැබ සිටින බවයි පකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.
ජනරාල් මුෂාරෆ් 2001 වසරේ පටන් 2008 තෙක් පකිස්තානය පාලනය කළ අතර ඔහු දීර්ඝ කාලයක් එරට පාලනය ලිරීමේ අවස්ථාව ලද පාලකයන් අතරට එක් වෙයි.
අද සඳුදා ජනරාල් මුෂාරෆ් උසාවියට ඉදිරියට ගෙන ආ අවස්ථාවේ ඔහුට දැඩි රැකවරණ සලසා තිබුණ බවත්, ඔහු සැහැල්ලු ස්වභාවයකින් පසුවෙන බවක් පෙනී ගිය අතර රැස්ව සිටි ජනතාවට අත වනා ප්‍රතිචාරය පළ කළ බවයි බීබීසී වාර්තාකරු ෂාන් කාන් අධිකරණ භූමියේ සිට වාර්තාකළේ.








