දෙවියන්ට "අපහාස" කළාට මරණය

ඡායාරූප මූලාශ්‍රය, AP
දෙවියන්ට අපහාස කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මරා දැමූ බවට පකිස්තාන් පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබේ.
දේව අපහාස චෝදනා යටතේ අත්අඩංගුවට ගත් තැනැත්තා මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු දිගින් දිගටම දෙවියන්ට අපහාස කළ බැවින් ඉහත කී පොලිස් නිලධාරියා පොරවකින් ගසා එම පුද්ගලයා මරා දමා ඇති බවයි පකිස්තාන් පොලිසිය පවසන්නේ.
ඉහත කී පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
කුරානයට අපහාස කළ බවට චෝදනා ලත් ක්‍රිස්තියානි යුවලක්ද පසු ගිය සතියේ පකිස්තානයේ දී ඝාතනයට ලක් විය.




