ඉන්දියානු මැතිවරණයේ අවසන් අදියර උණුසුම් අතට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දියානු මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දිනය අදයි.
ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අන්තිම මොහොතේත් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටි බවයි වාර්තා වන්නේ.
මෙවර ඉන්දීය මහා මැතිවරණයේ නව වැනි සහ අවසන් අදියරේ ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ලබන සඳුදා.
ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි මෙම මහමැතිවරණයට තරඟ වදින්නේ බරණැස් නුවර ඡන්ද කොට්ඨාශයකිනි.
බරණැස හින්දු ජනයාගේ ශුද්ධ නගරයක් ලෙසයි සැලකෙන්නේ.
අරවින්ද් කෙජ්රිවාල්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියාව තුළ දූෂණ වලට එරෙහිව විශාල ව්‍යාපාරයක් ගෙන යමින් සිටින අරවින්ද් කෙජ්රිවාල්, ඉහත කී ඡන්ද කොට්ඨාශයෙන් නරේන්ද්‍ර මෝඩිට එරෙහිව තරඟ වදින අතර ඔහුගෙන් මෝඩිට දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවත් වාර්තා වෙයි.
නරේන්ද්‍ර මෝඩි බරණැසට අමතරව ගුජරාටයේ ඡන්ද කොට්ඨාශයකට ද තරඟ කරයි.
ජාතික මට්ටමේ මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ පාලක කොංග්‍රස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත් විය හැකි බවයි.
ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද ගණන් කරනු ලැබීම ආරම්භ වන්නේ මැයි දහසය වෙනිදායි.








