මෝඩි ගැන ඉන්දීය කලාකරුවන්ගේ කනස්සල්ල

හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු වන නරේන්ද්‍ර මෝඩි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු වන නරේන්ද්‍ර මෝඩි

ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි තේරී පත් වුවහොත් ඇතිවිය හැකි තත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඉන්දීය කලාකරුවන් සහ උගතුන් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍ය පුවත් පතකට ලිපියක් ලියා තිබේ.

හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු වන නරේන්ද්‍ර මෝඩි පිළිබඳව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත් පතේ පළවූ ලිපියට අත්සන් තබා ඇති කලාකරුවන් අතර ලෝක ප්‍රකට ඉන්දීය ලේඛක සල්මන් රුෂ්ඩි සහ මුර්ති ශිල්පී අනිෂ් කපූර් ද වෙති.

නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැතිවරයා වුවහොත් රටේ ජීවත් වන විවිධ වූ සියලු ප්‍රජාවන්ට ගරු කරන ඉන්දියාවේ අනාගතයට අනිටු විපාක ගෙන දෙන පෙරනිමිත්තක් විය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ.

ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වශයෙන් හින්දු ජාතිකවාදී නරේන්ද්‍ර මෝඩි තේරී පත් වනු ඇති බවට විශාල රාවයක් පැතිර යමින් පවතී.