කොංග්‍රස් පක්‍ෂය රාහුල් ගාන්ධි අතට

ඡායාරූප මූලාශ්‍රය, PTI
මේ වසරේ පැවැත්වෙන ඉන්දියානු මහ මැතිවරණයේදී රාහුල් ගාන්ධි තම පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ඇතැයි පාලක කොංග්‍රස් පක්‍ෂය නිවේදනය කරයි.
ලබන මහ මැතිවරණයේ දී රාහුල් ගාන්ධි පක්ෂයේ අගමැති අපේක්‍ෂකයා හැටියට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ නමුත් කොංග්‍රස් පක්‍ෂය එවැනි ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඇත.
මැතිවරණයට පෙර අගමැති අපේක්ෂකයා නම් කරනු ලැබීමේ දේශපාලන සම්ප්‍රදායක් පක්‍ෂයට නොමැති බව සිය නායිකා සෝනියා ගාන්ධි ප්‍රකාශ කළ බවයි, කොංග්‍රස් පක්ෂ ප්‍රකාශක ජනාර්දන් ද්විවේදී ප්‍රකාශ කළේ.
මහජන මත විමසුම්
ආර්ථික පසුබෑම සහ රට තුළ පවතින හානිකර දූෂණ අපචාර රැල්ල නිසා කොංග්‍රස් පක්‍ෂයේ ජනප්‍රියභාවය පහත වැටී ඇති බවයි මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ.
ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂය ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති,නරේන්ද්‍ර මෝඩි සිය අගමැති ධූර අපේක්ෂකයා වන බව දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව දැනට හතළිස් එක්වැනි වියේ පසු වෙන රාහුල් ගාන්ධි සිය අගමැති ධූර අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත් කරන මෙන් කොංග්‍රස් පක්‍ෂ අභ්‍යන්තරයෙහි ද බලපෑමක් කෙරෙමිනුයි පවතින්නේ.
කොංග්‍රස් පක්‍ෂය එවැනි ප්‍රකාශයට පත් කිරීමකින් වැළකී සිටින්නේ පක්‍ෂයේ ප්‍රධානතම දේශපාලන සම්පත ආරක්‍ෂා කර ගැනීමේ පියවරක් හැටියට යයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.




