යලිත් අගමැති පදවිය භාර ගන්නේ නෑ - ඉන්දීය අගමැති

තුන් වැනි වතාවටත් අගමැති පදවියට ඉදිරිපත් නොවන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං නිවේදනය කළේය.
නව දිල්ලි අගනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ අගමැතිවරයා, මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැති පදවිය පක්ෂයේ වෙනත් නායකයකුට භාර දෙන බව කියා සිටියේය.
අගමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වීම ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර, වසර දහයක් ඇතුලත ඔහු එසේ මාධ්‍යවේදීන් හමුවූ තුන් වැනි වතාව මෙයයි.
පක්ෂයේ නියෝජ්‍ය නායක රහුල් ගාන්ධි රටේ පිළිගැනීමක් තිබෙන, කැපී පෙනෙන නායකයකු බවද අගමැතිවරයා කියා සිටියේය.
අගමැති සිං නායකත්වය හොබවන සන්ධාන ආණ්ඩුවට බරපතල දූෂණ, වංචා චෝදනා එල්ල වී තිබෙන නමුත් ඉන්දීය ආර්ථිකයේ වර්ධනයක් සනිටුහන් කරමින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කළ නායකයා ලෙසින් ආචාර්ය සිං ගෞරවයට පාත්‍ර වී සිටින බවයි, ආර්ථික කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු පවසන්නේ.




