තමිල්නාඩු සහ මුම්බායි ජනතාව ඡන්ද පෝලිමේ

කාශ්මීරය සහ අසාම් ප්‍රාන්ත දෙකෙහි මෙන්ම තමිල්නාඩුවේ සහ මුම්බායි නුවර ජනතාව ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් අද (බ්‍රහස්පතින්දා) ඡන්දය ප්‍රකාශ කරති.
ආසන එකසිය හැත්තෑවක් සඳහා පැවැත්වෙන මෙවර මැතිවරණයේදී ඉහල මට්ටමක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
රජුන් තැනීමේ බලය පවතින කුඩා පක්ෂවලට අද දිනය ඉතා වැදගත් වන බවයි එහි සිටින බීබීසී වාර්තාකරු කියා සිටින්නේ.
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි මාසයේ මැද භාගය වන විට නිකුත් වීමට නියමිතයි.




