රෝහින්ග්‍යා ජන ඝාතන හෙළිකළ මියන්මාර් මාධ්‍යවේදීන්ට නිදහස

නිදහස ලද මාධ්‍යවේදීන් දෙදෙනා දවස් පන්සීයකට අධික කාලයක් 'යැන්ගුන්'(Yangon) නගර සීමාවේ පිහිටි බන්ධනාගාරයක සිරගත කරනු ලැබ සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස ලද මාධ්‍යවේදීන් දෙදෙනා දවස් පන්සීයකට අධික කාලයකට පසු පවුලේ සාමාජිකයන්ට එක් වූ මොහොත

රෝහින්ග්‍යා අර්බුදය වාර්තා කිරීම සම්බන්ධයෙන් මියන්මාර් බලධාරීන් විසින් සිරගත කරන ලද රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරනු ලැබ ඇත.

තිස්තුන් හැවිරිදි වා ලෝන් (Wa Lone) සහ විසිනව හැවිරිදි ක්‍යෝ සෝ ඌ (Kyaw Soe Oo) නම් මාධ්‍යවේදීන් දෙදෙනා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව මියන්මාර් වාර්තා මගින් පැවසෙයි.

නිදහස ලද මාධ්‍යවේදීන් දෙදෙනා දවස් පන්සීයකට අධික කාලයක් 'යැන්ගුන්'(Yangon) නගර සීමාවේ පිහිටි බන්ධනාගාරයක සිරගත කරනු ලැබ සිටියහ.

මියන්මාර් නිල රහස්‍ය පනත යටතේ ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට මාධ්‍යවේදීන් දෙදෙනා වරදකරුවන් යයි පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ තීන්දු කෙරුණ අතර, ඒ අනුව ඔවුන්ට අවුරුදු හතක සිර දඬුවමක් නියම කර තිබුණි.

රොයිටර් වාර්තාකරුවන් දෙදෙනා සිරගත කරනු ලැබීම මාධ්‍ය නිදහසට එල්ල කෙරුණ ප්‍රහාරයක් හැටියට විග්‍රහ කෙරුණ අතර එසේම මියන්මාරයෙහි පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පිළිබඳ ප්‍රශ්නයත් එමගින් මතු කරනු ලැබුණි.

ක්‍යෝ සෝ ඌ ,Kyaw Soe Oo,mynmar

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදීන්ට එරෙහි අධිකරණ තීන්දුවෙන් පසුව ක්‍යෝ සෝ ඌගේ (Kyaw Soe Oo) බිරිඳ හඬා වැලැපෙමින්

නිදහස ලැබ බන්ධන්ගාරයෙන් පිටත්ව යද්දී ප්‍රකාශයක් කළ වා ලෝන් (Wa Lone) මාධ්‍යවේදියා ''රොයිටර් ජාත්‍යන්තර පුවත් ආයතනයේ සේවය කිරීමට යළි අවස්ථාව උදාවීම තමාට අදහා ගත නොහැකි බව'' සඳහන් කළේය.

නිල රහස්‍යතා පනත යටතේ

'මට හරිම සතුටුයි.මම මගේ පවුලේ සාමාජිකයන් සහ වෘත්තීය සගයන් සමඟ නැවත එක්වීමට මග බලාගෙනයි ඉන්නේ.මගේ ප්‍රවෘත්ති කාමරයට නැවත යනතෙක් මට ඉවසුමක් නැහැ' ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

වා ලෝන් (Wa Lone) සහ ක්‍යෝ සෝ ඌ (Kyaw Soe Oo) මාධ්‍යවේදීන් දෙදෙනාම කුඩා දරුවන් සහිත විවාහකයෝ වෙති. තමා ගැබ්ගෙන සිටින බව වා ලෝන්ගේ (Wa Lone) බිරිඳ දැන ගෙන තිබෙන්නේ බලධාරීන් විසින් සිය සැමියා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවය.

මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරනු ලැබ තිබෙන්නේ එරට කැලැන්ඩරය අනුව මියන්මාරයට නව වසර උදාවත් සමඟ වාර්ෂිකව සිදු කෙරෙන දහස් ගණනක් තවත් සිරකරුවන් කණ්ඩායමක් නිදහස් කරනු ලැබීමත් සමඟය.

වධ දී මරා දමනු ලැබීමට පෙර රෝහින්ග්‍යා ජාතිකයන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වධ දී මරා දමනු ලැබීමට පෙර රෝහින්ග්‍යා ජාතිකයන්

රොයිටර් පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ ස්ටීවන් ජේ ඇඩ්ලර්(Stephen J Adler) මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශයක් කරමින් ''සිය අධිෂ්ඨානශීලී මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් ලැබීම සම්බන්ධයෙන් තමා සාතිශය සතුටට පත්වෙන බව'' සඳහන් කළේය.

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා සිරගත කරනු ලැබීම මියන්මාරයේ මාධ්‍ය නිදහස පුළුල් මට්ටමින් ප්‍රශ්න කරනු ලැබීමට හේතු වූ අතර, කලින් පැවැති යුද හමුදා පාලනය යටතේ දේශපාලන සිරකාරියක්ව සිටි අවුන් සාන් සුචි විසින් ද එම සිරගත කරනු ලැබීම යුක්ති සහගත කරනු ලැබීම මුල්කර ගනිමින් ඇයද විවේචනයට ලක් වූවාය.

මේ තොරතුරුද කියවන්න:

නොසංසුන් තත්වයක්

මාධ්‍යවේදීන් දෙදෙනා මුදා හරින ලද අවස්ථාවේ එහි නොසංසුන් තත්වයක් දක්නට ලැබුණ බව මියන්මාරයේ බීබීසී වාර්තාකරු නික් බීක්(Nick Beake) පවසයි.

ඉහත කී මාධ්‍යවේදීන් දෙදෙනා පිළිබඳ වාර්තා තොරතුරු සමුදායක් බවට පත් වූ අතර, තමන් විසින් වාර්තා කරනු ලබන කරුණු සම්බන්ධයෙන් රටේ බලධාරීන් අප්‍රසාදයට පත් වුනොත් තම වෘත්තීය ජීවිතත් බන්ධනාගාරයකින් කෙළවර වනු ඇතැයි මියන්මාර් මාධ්‍යවේදියෝ භීතියට පත්ව සිටියහ.

Reuters journalists freed in Myanmar

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරනු' පාගමනක්

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා මේවනවිට නිදහස් ලබා සිටියත් අවුන් සාන් සුචිගේ ආණ්ඩුව මාස දහඅටක් තරම් දීර්ඝ කාලයක් සිරභාරයෙහි තබා ගනිමින් ඔවුන් පිළිබඳව විපරමින් කටයුතු කර ඇත.

එම කාල සීමාව ඇතුළත මියන්මාර් ආණ්ඩුව තවත් මාධ්‍යවේදීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම ආණ්ඩුවේ ඉදිරි දිශානතිය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාධරයෝ බලවත් මැසිවිළි පළ කරති.

ඔවුන් වාර්තා කළේ මොනවාද?

රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවන් වූ මියන්මාර ජාතික මාධ්‍යවේදීන් දෙදෙනා, යුද හමුදාව විසින් 2017 වසරේ සැප්තැම්බර් මාසයේ උතුරු 'රකයින්' පළාතේ 'ඉන් ඩින්'(Inn Din) ගම්මානයේ දී රෝහින්ග්‍යා ජාතිකයන් දහ දෙනෙක් මරා දමනු ලැබීම පිළිබඳව සාක්ෂි එක්රැස් කරමින් සිටි බව වාර්තා වෙයි.

ආපනශාලාවක දී පළමු වරට මුණ ගැසුන පොලිස් භටයන් දෙදෙනෙක් එම ඝාතන සම්බන්ධයෙන් ගවේශනය කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනාට ලියකියැවිලි කීපයක් දී ඇති අතර, ඒ ඇසුරින් සකස් කෙරුණ අවසන් වාර්තාව පළ කරනු ලැබීමට පෙර මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුණි.

Reuters journalists freed in Myanmar

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස ලද මාධ්‍යවේදීන් දෙදෙනා

එම ආපන ශාලා හමුව මාධ්‍යවේදීන් දෙදෙනා කොටුකර ගැනීමේ උපායාන්විත මෙහෙයුමක් වූ බවට එක් පොලිස් භටයෙක් නඩු විභාගයේ දී සාක්ෂි දෙමින් පාපෝච්චාරණය කළේය.

ඉහත කී රෝහින්ග්‍යා ජාතිකයන් මරා දැමීමට සහ ඔවුන්ගේ නිවාස ගිනිබත් කිරීමට හවුල් වූ බවට පාපෝච්චාරණය කළ බෞද්ධ ගම්වාසීන් ඇතුළු ජන සමූහයකින් එක්රැස් කර ගන්නා ලද ප්‍රකාශන සහ සෙසු මාධ්‍යවේදීන් දුන් තොරතරු ඇතුළත් අදාළ අවසන් වාර්තාව අතිවිශේෂ වූවක් ලෙස සැලකුණි.

සොල්දාදුවන්ට දඬුවම්

'ඉන් ඩින්'(Inn Din) ගම්මානයේ ජන ඝාතනයක් සිදු වී ඇති බව තහවුරු කරමින් ඊට හවුල්වූවන්ට එරෙහිව පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් දුන් මියන්මාර් බලධාරීන් විසින් ද එම අපරාධය පිළිබඳව පසුව විභාගයක් ආරම්භ කරන ලදී.

එම විභාගය අනුව රෝහින්ග්‍යා මුස්ලිම් ජන ඝාතනයට හවුල් වූ යුද හමුදා සොල්දාදුවන් හත් දෙනෙකුට සිර දඬුවම් නියම කරනු ලැබුණි.

'මිනී මැරීමට හවුල්වීම සහ දායක වීම' සම්බන්ධයෙන් එම හමුදා සොල්දාදුවන් බරපතල වැඩ ඇතිව වසර දහයක කාලයක් සිර දඬුවම් විඳිනු ඇතැයි මියන්මාර් යුද හමුදාව පවසයි.

තවත් තොරතුරු: