මියන්මාර හමුදා නායකයන් ජන සංහාර චෝදනාවලට මුහුණදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රකායින් ප්‍රාන්තයේ ජන සංහාරයට සහ වෙනත් ප්‍රදේශවල මානව සංහතියට එරෙහිව කෙරෙන අපරාධ සම්බන්ධයෙන් මියන්මාර ඉහළ හමුදා නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වාදේ.

සියගණනක් සම්මුඛ සාකච්ඡා මත පදනම්ව, රෝහින්ග්‍යා ජන වර්ගයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් නිකුත් කළ බලවත්ම වාර්තාව මෙය වේ.

අපරාධ නඩු සඳහා මුහුණ දියයුතු විශ්වාස කෙරෙන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සයදෙනක් වාර්තාවේ නම් අදාල වාර්තාවෙන් ප්‍රකාශයට පත්කර ඇත.

BBC

එසේම, ගැටුම් වලකාලීමට මැදිහත්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාං සුචී ද දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.

මෙම වාර්තාවෙන් යෝජනා කරන්නේ අදාළ අපරාධ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විභාග කළයුතු බවයි.

තමන්ගේ මෙහෙයුම් ඉලක්කය වුයේ හමුදා සහ කැරළි තර්ජන බව රජය නිතරම ප්‍රකාශ කළේය.

නමුත්, වාර්තාගතවූ අපරාධ අනුව "ප්‍රතික්ෂේප කිරීම්වල ස්වභාවය තැතිගන්වන සුළු බවත්, සාමාන්‍යත්වය සහ හානිකර ප්‍රතිඵලයකින් වැලකී සිටීම ඊට ඈඳී තිබේ" යැයි වාර්තාව පෙන්වාදේ.

AFP/ GETTY IMAGES

ඡායාරූප මූලාශ්‍රය, AFP/ GETTY IMAGES

එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන අපරාධ මොනවාද?

තොරතුරු සෙවීමේ එක්සත් ජාතීන්ගේ ස්වාධීන අන්තර්ජාතික මෙහෙයුම පිහිටුවන ලද්දේ 2017 මාර්තු මාසයේදීය. එමගින් මියන්මාරයේ සහ විශේෂයෙන්ම රකායින් ප්‍රාන්තයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැතිරීගිය චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට යෙදිණි.

BBC

වාර්තාගතවූ තොරතුරුවලට, ඝාතන, සිරගත කිරීම්, වධ හිංසා පැමිණවීම, දුෂණය කිරීම්, ලිංගික වහල් සේවය, වහල් භාවයට පත්කිරීම වැනි "අන්තර් ජාතික නීතියට අනුව සැකයකින් තොර දරුණු අපරාධ ඇතුළත්" බව වාර්තාවේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමට මියන්මාරය තුළ කටයුතු කිරීමට නොහැකි වුණත්, එය ඇසින් දුටු සාක්‍ෂි සටහන් කරගෙන ඇති අතර, සැටලයිට් දර්ශන, ඡායාරුප සහ වීඩියෝ උපයෝගී කරගෙන ඇති බව පැවසේ.