බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත් සාමාජිකයා: ලුවී ආතර් චාල්ස්

කේට් කුමරිය සහ ලුවිස් කුමරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කැතරින් (කේට්) කුමරිය විසින් ඔවුන්ගේ අලුත්ම දරුවා ලුවී ආතර් චාල්ස් ලෙසින් නම් කරනු ලැබ තිබේ.

ඔවුන්ගේ දෙවෙනි පුත් කුමරු පසුගිය සඳුදා (අප්‍රේල් 23) ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී උපත ලැබීය.

ඔහු මෙවක් පටන් කේම්බ්‍රිජ් හි ලුවී කුමරු ලෙසින් හැඳින්වෙනු ඇති බව විලියම් කුමරු සහ කේට් කුමරිය වාසය කරන කෙන්සින්ටන් මාලිගයේ නිලධාරීන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

කේම්බ්‍රිජ් හි ලුවිස් කුමරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වෙයි.

2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව නව බිලිඳු කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගත්තාය.

එම වෙනස හඳුන්වා දීමට පෙර කාන්තාවකට කිරුළ දැරීමේ අයිතිය උරුම වුණේ පවුලේ පිරිමින් නොසිටියොත් පමණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

විලියම් -කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේත් එම පවුලේ දෙවැන්නිය වන චාලට් කුමරිය 2015 වසරේත් උපත ලැබූහ.

බ්‍රිතාන්‍ය රජ පවුල ගැන තවත් ලිපි: