ජොර්ජ් කුමරු පසුපස පැපරාසි

ඡායාරූප මූලාශ්‍රය, pa
බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරාගේ සහ කේම්බ්‍රිජ් ආර්යාවගේ පුත් ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප ගන්නා පැපරාසියකු එම යුවලගේ නීතිවේදීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
නීතිවේදීන් පවසන්නේ කුමරුන්ගේ ඡායාරූප ගැනීම නතර නොකලොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ඡායාරූප මූලාශ්‍රය, PAjohnstillwell
සිය පුත් කුමරාට සාමාන්‍ය ළමයකු හැටියට ජීවත් වීමට ඉඩ සලසන ලෙසයි රාජකීය යුවල ඉල්ලා සිටින්නේ.
ජෝර්ජ් කුමරු ඔටුන්නට හිමිකම් කියන පෙළපතේ තුන්වැන්නා වන නමුත් උයනට ගොස් සෙසු ළමුන් සමග ක්‍රීඩා කිරීමේ නිදහස බිලිඳු කුමරාට තිබිය යුතු බවයි රජ පවුලේ නිලධාරීන් පවසන්නේ.
මේ වන විට ලොව පුරා අවසරයකින් තොරව ගනු ලැබූ ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප මිලදී ගැනීමට වෙළඳපොළක් බිහිවී ඇති බවයි වාර්තා වන්නේ.




