අලුත උපන් රාජකීය බිලිඳා මාළිගාවට
විලියම් කුමරු සහ කේට් කුමරිය අලුත උපන් කුමරු සමගින් ලන්ඩන්හි සෙන්ට් මේරිස් රෝහලේ සිට කෙන්සින්ටන් මාලිගාව බලා අද (අගහරුවාදා) සවස නික්ම ගියහ.
රෝහල ඉදිරියේ රැස්ව සිටි සියගණනක් පිරිස ප්‍රථම වතාවට කෙම්බ්‍රිජ්හි කුමරුන් සියැසින් දැක බලා ගත්හ.
අලුත් උපන් කුමරුගේ නම තවමත් හෙළි කර නැත.

ඡායාරූප මූලාශ්‍රය, bbc
කේම්බ්‍රිජ් හි කුමාරයා ලෙසින් හැඳින්වෙන ඊයේ උපත ලැබූ බ්‍රිතාන්‍ය රාජකීය බිලිඳා ගේ උපත සැමරීමට බ්‍රිතාන්‍ය හමුදාව ලන්ඩන් නුවර ආචාර වෙඩි මුර පැවැත්වුන අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිනු නාද කෙරිණ.
බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම සැමරීම පිණිස බ්‍රිතාන්‍යය පුරා මෙන්ම ලොව නොයෙකුත් ප්‍රදේශ වලද උත්සව සංවිධානය කොට තිබුණි.
චාර්ල්ස් කුමාරයා සහ විලියම් කුමාරයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි වීමට නියමිතව සිටින්නේ අලුත උපන් බිලිඳායි.