බ්‍රිතාන්‍යයේ රාජකීය බිලිඳා ගේ උපත සැමරෙයි

බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම සැමරීම පිණිස බ්‍රිතාන්‍යය පුරා මෙන්ම ලොව නොයෙකුත් ප්‍රදේශ වලද උත්සව සංවිධානය කොට තිබේ.
තවමත් නමක් ප්‍රකාශයට පත් නොකෙරුණු අලුත උපන් කුමරුත්, ඔහුගේ මවත් සුවයෙන් සිටින බව ලන්ඩන් නුවර ශාන්ත මරියා රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා අද අඟහරුවාදා රෝහලෙන් පිටත්ව යාමට නියමිතයි.
චාර්ල්ස් කුමාරයා සහ විලියම් කුමාරයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි වීමට නියමිතව සිටින්නේ අලුත උපන් බිලිඳායි.
කෙම්බ්‍රිජ් හි කුමාරයා ලෙසින් හැඳින්වෙන රාජකීය බිලිඳා ගේ උපත සැමරීමට බ්‍රිතාන්‍ය හමුදාව ලන්ඩන් නුවර ආචාර වෙඩි මුර පවත්වන අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිනු නාද කිරීමට ද නියමිතයි.
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින්, සිය මී මුනුබුරාගේ උපත පිළිබඳව බ්‍රිතාන්‍ය මහ රැජිනට සුභ පැතුම් යොමු කර තිබුණි.
රාජකීය බිලිඳා ගේ උපත වෙනුවෙන් විදේශ රටවල් විශාල ගණනාවක් ද බ්‍රිතාන්‍ය රජ පවුලට සුභ පැතුම් යොමු කොට තිබේ.




