කේට් කුමරිය දරු ප්‍රසුතිය සඳහා රෝහලේ

kate Middelton
ඡායාරූප ශීර්ෂ වැකිය, kate

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ භාර්යාව වන කේට් කුමරිය දරු ප්‍රසුතිය පිණිස රෝහලට ඇතුලත් කල බව බකිංහැම් මාලිගය විසින් නිවේදනය කර තිබේ.

කේට් කුමරිය විලියම් කුමරුද සමග කෙන්සින්ටන් මාලිගයේ සිට ලන්ඩනයේ සාන්ත මේරි රෝහල වෙත ගමන් කර ඇති අතර දරු ප්‍රසුතිය සිදුවන තුරු වෙනත් නිවේදන බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන්.

මෑතකදී සිදුවූ රාජ්‍යත්වය පිලිබඳ නව නීති වලට අනුව මෙම උපදින දරුවා පිරිමි වුවද ගැහැණු වුවද බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් ලබන තුන්වැන්නා වනු ඇත.