බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාව බටහිර රටවල් භේද කිරීමට සහ මැතිවරණ වලට අත පෙවීමට ක්‍රියා කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චෝදනා කරයි.
ලන්ඩන් නගරාධිපති සාමිවරයා විසින් පවත්වන ලද භෝජන සංග්‍රහයක දී අදහස් දැක්වූ අගමැතිවරිය ජනාධිපති ව්ලදිමීර් පූතින් ප්‍රමුඛ මොස්කව් පාලනය සයිබර් ඔත්තු ජාලයක් නඩත්තු කරමින් තොරතුරු සිය වාසියට පාවිච්චි කිරීමේ වැඩ පිළිවෙලක නිරත වෙමින් සිටින බව සඳහන් කළාය.
තවදුරටත් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරිය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් යළිත් ප්‍රකෘති තත්වයට පත්වීමට ඇති හැකියාව රුසියාව විසින් අවතක්සේරු කරමින් ඇති බවත් කියා සිටියාය.
මෙය අගමැතිනි තෙරේසා මේ විසින් රුසියාවට එරෙහිව මෙතෙක් එල්ල කරන ලද දැවැන්තම වාග් ප්‍රහාරයයි.
ජනාධිපති පූතින් නිදහස් සමාජ විනාශ කර දැමීමේ කාර්යයක් නිරත වෙමින් සිටින බවත් ඇය පවසන්නීය.
බටහිර ලෝකය ව්‍යාකූල කර දැමීමට මොස්කව් බලධාරීන් ව්‍යාජ පුවත් බෙදා හැරීමක නිරත වෙන බවට ඇය චෝදනා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
2016 පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී මොස්කව් පාලනය මැදිහත් වූ බවට එල්ල වෙන චෝදනා බැහැර කරමින් ජනාධිපති පූතින් විසින් පළ කරන ලද අදහස් විශ්වාස කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් අගමැතිවරියගේ දැඩි ප්‍රහාරයට ලක් විය.
"රුසියාවේ එවැනි කටයුතු වලට මුහුණ දීමට අපි අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා.නමුත් එය අපට අවශ්‍ය කරන රුසියානු සම්බන්ධතාවය නොවෙයි. අපට යළිත් සීතල යුද්ධයක් කරා යන්න අවශ්‍ය නැහැ. අපට සදාකාලික ගැටුමක් අවශ්‍ය නැහැ" තෙරේසා මේ සඳහන් කළාය.
බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කතාවට මියන්මාරය පිළිබඳවත් ඇතුළත් විය.
රකේන් පළාතේ රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහි වාර්ගික ශුද්ධයක ලක්ෂණ පෙනෙන ක්‍රියාදාමයේ පූර්ණ වගකීම මියන්මාර් පාලනය වෙත පැවරෙන බව ඇය කියා සිටියාය.
බ්‍රිතාන්‍ය අගමැතිනිය රුසියාවට එරෙහි ඉහත කී විවේචනය එල්ල කළේ සිය විදේශ ඇමති බොරිස් ජොන්සන් ලබන මාසයේ රුසියාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින අතරයි.
සබැඳි පුවත්;









