ට්‍රම්ප්ගේ රහස් රුසියාව අතේ?

Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, AP

සිය වෘත්තිමය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ රහසිගත තොරතුරු රුසියාව සතුව ඇති බවට පළවන වාර්තා ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.

'මහජනතාව අතර ව්‍යාජ පුවත් පතුරවා හැරීමට ඉඩ තැබීම' සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ චෝදනාවට ලක් කරමින් ට්‍රම්ප් ට්විටර් පණිවුඩ නිකුත් කළේය.

තහවුරු නොකරන ලද චෝදනාවලින් පැවසෙන්නේ ට්‍රම්ප් වෛශ්‍යාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රුසියාව සතු බවය.

Donald Trump and Vladimir Putin combined image

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළේය

එමෙන්ම ඔහුගේ ව්‍යාපාර අවශ්‍යතා කෙරෙහි බලපාන තොරතුරු ද රුසියාව සතු බවට ඇතැම් ඇමරිකානු මාධ්‍ය වාර්තා කොට තිබිණි.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළේය.

රුසියාව සහ ඇමරිකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතාවලට හානි කිරීමේ අරමුණින් එවැනි ප්‍රචාර ගෙන යන බව රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුතින්ගේ ප්‍රකාශකයකුවන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේය.