'ට්‍රම්ප්ට සහය දීමට ඡන්දදායකයන් පෙළඹුවේ රුසියාවයි'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීමට ඡන්ද දායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව ඇමරිකානු රහස් ඔත්තුසේවා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මගින් සනාථකළ බව වාර්තාවේ.
ඇමරිකානු මාධ්‍ය පවසන්නේ රුසියානු රජය සමග සබඳතා පැවති පුද්ගලයන් ඩිමොක්ක්‍රටික් ඡන්ද ව්‍යාපාරයේ ඊ මේල් පණිවුඩ දහස් ගණනක් සොරකම්කර විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදුන් බවට ලැබුණු තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳව FBI සහ CIA ආයතන සෑහීමකට පත්වී ඇති බවය.
රිපබ්ලිකන් කණ්ඩායමට අයත් අන්තර්ජාල අඩවිවලටද රහසින් ඇතුල්වී තිබුණු නමුත් තොරතුරු අඩංගු ලිපිගොණු සොරාගැනීමට හැකිවී නැතිබවද වාර්තාවල සඳහන් වේ.
ඉදිරියේදී ධවලමන්දිරයේදී සිදුකෙරෙන බල හුවමාරු ක්‍රියාදාමයට සම්බන්ධ ට්‍රම්ප් ගේ කණ්ඩායම පවසන්නේ මෙම චෝදනාවේ නිරවද්‍යතාවය පිලිබඳ පිළිගතහැකි කිසිදු සාක්‍ෂියක් නැති බවය.
වෙබ් අඩවිවලට රහසින් ඇතුල්වීමේ චෝදනාව රුසියාව විසින් මීට පෙර ප්‍රතික්‍ෂේප කර තිබුණි.
ජනාධිපතිවරණ සමයේ සිදුවීයැයි කියන සයිබර් ප්‍රහාර පිලිබඳ පරීක්ෂා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඔබාමා පසුගිය සිකුරාදා නියෝගකොට තිබුණි.





