'රුසියාවේ සහාය': CIA වාර්තාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) නිකුත් කළ නිරීක්ෂණ වාර්තාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව CIA ආයතනය සිකුරාදා නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් පැවසීය.
එහෙත් ජනාධිපතිවරණයෙන් ලද දැවැන්ත පරාජය දරාගත නොහැකිව ඩිමොක්‍රටික් පක්ෂය මෙවැනි වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය.
රුසියානු බලධාරීහු එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති.




