උතුරු කොරියානු අර්බුදය විසඳීමට නෝර්වේ?

කොරියානු උණුසුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඩොලර් කෝටි සියයක මිසයිල ආරක්ෂණ පද්ධතියක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඇමරිකාව එකඟ වී ඇති බව දකුණු කොරියාව පවසයි.

කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ඉහතදී කියා සිටියේ ඒ සඳහා වැයවන මුදල දකුණු කොරියාව විසින් දැරිය යුතු බවය.

දෙරටේ ජාතික ආරක්ෂක උපදේශකයන් අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව එම එකඟතාවට පැමිණ තිබේ.

line
line
'තාඩ්' මිසයිල පද්ධතිය
ඡායාරූප ශීර්ෂ වැකිය, 'තාඩ්' මිසයිල පද්ධතිය

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ අරමුණින් දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කෙරෙමින් පවතී.

ගිවිසුමට අනුව ආරක්ෂණ පද්ධතියේ දෘඩාංග සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඇමරිකාව එකඟ වී ඇති අතර ඒ සඳහා භූමිය ලබා දෙනු ලබන්නේ දකුණු කොරියාව විසිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනයට

Pope Francis speaks to reporters aboard his plane. Photo: 29 April 2017

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

මේ අතර ප්යොංයැං න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ බැලිස්ටික් මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ඉහළ යමින් පවතින උණුසුම සමනය කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියහ.

දෙරට අතර පවතින උණුසුම්කාරී තත්වය සීමාව ඉක්මවා ගොස් ඇති බව පවසන උන්වහන්සේ 'රාජ්‍යතාන්ත්‍රික නායකත්වය සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොහොසත් වීම' පිළිබඳ විවේචන එල්ල කළහ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය "වඩාත් දියාරු වී" ඇති බවය.

line
line

කොරියානු අර්ධද්වීපයේ පවතින නොඉවසිලිමත්භාවය සමනය කිරීම සඳහා නෝර්වේ රජයට මැදිහත්විය හැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යෝජනා කළහ.

කාල් වින්සන්

උතුරු කොරියාව

උතුරු කොරියාව ඊයේ (අප්‍රේල් 29) තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර එය අසාර්ථක වී ඇති බව දකුණු කොරියාව සහ ඇමරිකාව පැවසූහ.

ඇමරිකානු හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ඉන් පැය කිහිපයකට පසු වාර්තා විය.