උතුරු කොරියාව සහ 'කිම්' පවුල පිළිබඳ මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග්අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් ගේ ඝාතනයත් සමග උතුරු කොරියාව සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර අවධානය යළි ඉහළ යමින් පවතියි.
කිම් පවුලේ ඉතිහාසය
උතුරු කොරියාව නමින් රාජ්‍යක්. ලෝක සිතියමට එක් වූ දා පටන් ගතවූ දශක කීපය පුරාම එය පැවතුණේ බාහිර ලෝකයෙන් වෙන්වූ තත්වයකය.
උතුරු කොරියාව තවමත් නාමික වශයෙන් කොම්යුනිස්ට් පාලනයක් පවතින රටවල් අතලොස්සෙන් එකකි.
රටක් වශයෙන් උතුරු කොරියාව ජාත්‍යන්තරය තුළ හුදෙකලා වීමට වැඩි වශයෙන් බලපා ඇත්තේ එරට පාලනය විසින් දිගින් දිගටම සිදු කරනු ලබන න්‍යෂ්ටික අත්හදා බැලීම්ය.
දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග උතුරු කොරියාව බිහි විය.
අඩ සියවසකට ආසන්න කාලයක් උතුරු කොරියාවේ දේශපාලන සබඳතා හැඩ ගැන්වූ එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග්ට උතුරු කොරියාවේ ඉතිහාසය තුළ වැඩි ඉඩක් හිමිවේ.
ඔහු විසින් ගෙන යන ලද දැඩි රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය, පුද්ගලාභිවාදනය මත පදනම් වූ නායකත්වයක් බිහි වීමට හේතු විය.


ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උතුරු කොරියාවේ ඉතිහාසය තුළ සුවිශේෂී දින

- 1945 - දෙවන ලෝක යුද පරාජයත් සමග කොරියාව තුළ පැවති ජපාන අධිරාජ්‍ය පාලනය අවසන් වීම
- 1948 - සෝවියට් කඳවුර සහ ඇමරිකානු කඳවුර වශයෙන් කොරියාව බෙදීම
- 1950 - 1953 - කොරියානු යුද්ධය
- 1994 - උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ග් ගේ අභාවය සහ ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් බලයට පත් වීම

ඒකාධිපති රාජ්‍යයක් වශයෙන් සැලකෙන උතුරු කොරියාව සිතාමතාම මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත් චෝදනා එල්ල වේ.
කිම් පවුලේ තෙවන පරම්පරාව නියෝජනය කරන උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් අන් එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග් ගේ මුනුබුරෙකි.
කිම් ජොන්ග් අන් ගේ පියා වූ එරට නායකයාව සිටි කිම් ජොන් ඉල් හෘදයාබාධයක් හේතුවෙන් 2011 වසරේ දෙසැම්බර් මාසයේ දී මරණයට පත් විය.
ඉන් අනතුරුව කිම් ජොන්ග් අන් උතුරු කොරියාවේ නායකයා බවට පත් විය.



වත්මන් පාලනය
- උතුරු කොරියාවේ ජනගහනය - දෙකෝටි හතළිස් පන්ලක්ෂයකි (2012 එක්සත් ජාතීන්ගේ වාර්තා)
- ප්‍රධාන භාෂාව- කොරියන්
- අගනුවර - පියෝන්ග්යෑන්ග්
- ප්‍රධාන ආගම් - අනාගමික හෝ සම්ප්‍රදායික විශ්වාස සහ ඇදහිලි
- ආයු කාලය - පුරුෂ අවුරුදු 66 කාන්තා අවුරුදු 72 (එක්සත් ජාතීන්ගේ වාර්තා)
- මුදල් ඒකකය - වොන්

කිම් ජොන්ග් අන් පාලනය යටතේ ද උතුරු කොරියාව සිය හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය තුළ තවදුරටත් රැඳී සිටියි.
උතුරු කොරියාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍රවල සංඛ්‍යාත රජයේ මාධ්‍ය සේවා පමණක් විකාශනයවන පරිදි සුසර කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images


පුවත්පත් සහ විකාශන ආයතන සියල්ල සෘජු ලෙසම රජයේ පාලනයේ පවතියි.
රටේ ආර්ථික අපහසුතා සහ අගහිඟකම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ නොවන අතර, උතුරු කොරියාව විදේශ මාධ්‍යවලට ප්‍රවෘත්ති වාර්තා කිරීම දුෂ්කර රටවල් අතරට එක්වෙයි.











