උතුරු කොරියාව: ඇමරිකාවෙන් තවත් ඉදිරි පියවරක්

This undated picture released by North Korea's official Korean Central News Agency (KCNA) on April 26, 2017 shows live-fire exercises

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාව විසින් නිකුත් කරන ලද "මහාපරිමාණ ප්‍රහාරක අභ්‍යාසවල යෙදෙන ආකාරය" දැක්වෙන ඡායාරූප

උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් එරට සහ ඇමරිකාව අතර දේශපාලන උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.

"දින කීපයක් ඇතුළත" දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි.

එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු අඟවයි.

තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 2017 වසරේ අග භාගයවන තෙක් භාවිතයට නොගන්නා බව මුලින් ප්‍රකාශයට පත් විය.

තමන් උතුරු කොරියාවේ ඉලක්කයට ලක් විය හැකි බවට බිය පළ කරන බොහෝ දකුණු කොරියානු වැසියෝ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරති.

තවදුරටත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන බවට උතුරු කොරියාව ප්‍රතිඥා දී තිබේ.

line
line

ඇමරිකාවේ ශාන්තිකර කලාපීය විධානයේ අණදෙන නිලධාරි ඇඩම් හැරී හැරිස් ඊයේ (අප්‍රේල් 26) එරට කොංග්‍රස් සාමාජිකයන් අමතමින් කියා සිටියේ "දකුණු කොරියාවට එරෙහිව ඉහළ යමින් පවතින උතුරු කොරියානු තර්ජනයෙන් වඩාත් හොඳින් ආරක්ෂා වීම සඳහා" තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ඉදිරි දින කීපය තුළ ආරම්භ වනු ඇති බවය.

A helicopter installs Terminal High Altitude Area Defense (THAAD) interceptor (R) in Seongju, South Korea (26 April 2017)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සොන්ජු පළාත තුළ ඇති තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ

'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ?

  • කෙටි හා මැදි දුර මිසයිල පියාසර ගමනේ අවසන් අදියරට පැමිණෙද්දී ඉලක්කයට ළඟාවීමට පෙර බිම හෙලීම
  • ඉදිරියට එන යුද ශීර්ෂය චාලක බලයෙන් විනාශ කරයි
  • කි.මී. 200ක දුරක් විදිය හැකි අතර කි.මී.150ක උසකට ළඟාවිය හැකිය.
  • උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජන සළකා ගුවාම් සහ හවායි හි මීට පෙර ඇමෙරිකාව විසින් ස්ථානගත කරන ලදී
'තාඩ්' මිසයිල පද්ධතිය
ඡායාරූප ශීර්ෂ වැකිය, 'තාඩ්' මිසයිල පද්ධතිය
'තාඩ්' මිසයිල විදිනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'තාඩ්' මිසයිල විදිනයක්

තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ බදාදා සොන්ජු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර ප්‍රදේශවාසීහු ඊට විරෝධය පළ කළහ.

ඒ සම්බන්ධයෙන් චීනය ද කෝපය පළ කර සිටී.

තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සතු රේඩාර් හැකියාව සිය හමුදා ආරක්ෂාවට සහ කලාපයේ බල තුලනයට බලපෑම් එල්ල කරනු ඇති බවට චීනය බිය පළ කරයි.

Police and protesters line the road as Thaad equipment is moved into place (26 April 2017)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ බදාදා සොන්ජු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර ප්‍රදේශවාසීහු ඊට විරෝධය පළ කළහ

කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග

  • අප්‍රේල් 08: කොරියානු අර්ධද්වීපය දෙසට යාත්‍රා කරන ලෙස ඇමරිකානු හමුදාව සිය ප්‍රහාරක නාවික කණ්ඩායමකට නියෝග ලබා දුණි.
  • අප්‍රේල් 11: "බලගතු ආයුද" යොදා ගනිමින් සිය ආරක්ෂාව වෙනුවෙන්කටයුතු කරන බව උතුරු කොරියාව පැවසීය.
  • අප්‍රේල් 15: ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් දකුණු කොරියාව වෙත ළඟා වෙද්දී උතුරු කොරියාව සිය සමාරම්භක නායකයා වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් මිසයිල ප්‍රදර්ශනය කරමින් විශාල යුද සංදර්ශනයක් පැවැත්වීය.
  • අප්‍රේල් 16: උතුරු කොරියාව රොකට් අත්හදාබැලීමක් සිදු කළ අතර එය අසාර්ථක විය.
  • අප්‍රේල් 17: තවදුරටත් "සති පතා" මිසයිල අත්හදා බලන බව උතුරු කොරියානු බලධාරියෙක් බීබීසී වෙත පැවැසූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් "අත්හදාබැලීම්" සිදු නොකරන ලෙස උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.
  • අප්‍රේල් 18: කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇති බව වාර්තා විය.
  • අප්‍රේල් 23: කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන USS කාල් වින්සන්ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්" බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
  • අප්‍රේල් 25: උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය පැතිර යද්දී ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා විය.
  • අප්‍රේල් 26: කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය.