'කාල් වින්සන්' මුහුදුබත් කිරීමට සූදානම් - උතුරු කොරියාව

USS කාල් වින්සන්

ඡායාරූප මූලාශ්‍රය, U.S. Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව

කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්" බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව "එක් ප්‍රහාරයකින්" මුහුදුබත් කළ හැකි බවය.

වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරෙයි.

ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු "මූලෝපායික ඉවසීම" අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී.

යුද සරඹ

උතුරු කොරියාව

වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක නෞකා කණ්ඩායම ජපාන නාවික හමුදාව සමග අද (අප්‍රේල් 23) පිලිපීන මුහුදේ දී ඒකාබද්ධ යුද සරඹයක නිරත විය.

The Carl Vinson being escorted by other warships

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, USS කාල් වින්සන් ඇතුළු පරිවාර යුද නෞකා සමූහය

කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග

line
line

සබැඳි යොමු