කොරියානු කලාපය දෙසට ඇමරිකානු ප්‍රහාරක කණ්ඩායමක්

කාල් වින්සන් නමින් හැඳින්වෙන මෙම ඇමරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කාල් වින්සන්' ඇමරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායම

කොරියානු කලාපය දෙසට යාත්‍රාකරන ලෙසට එක්සත් ජනපද හමුදාව තම නාවික ප්‍රහාරක කණ්ඩායමකට නියෝග කරයි.

මෙම නියෝගය නිකුත් වුණේ උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන ඉදිරියට යමින් තිබියදී ය.

කාල් වින්සන් නමින් හැඳින්වෙන මෙම ඇමරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායම ගුවන්යානා ප්‍රවාහක නෞකාවක් සහ තවත් යුද නෞකා කිහිපයකින් සමන්විත ය.

යුද නෞකා පිරිවරා ගත් 'කාල් වින්සන්'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද නෞකා පිරිවරා ගත් 'කාල් වින්සන්'

තනිවම

මේවනවිට ශාන්තිකර සාගරයේ බටහිර කලාපය දෙසට ගමන් කරමින් සිටින අතර එක්සත් ජනපද ශාන්තිකර බලඇණිය මෙම පියවර හැඳින්වූයේ කල්තියා සුදානම්වීමක් ලෙසටය.

උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික තර්ජනයට මුහුණ දීම සඳහා ඇමරිකාව "තනිවම ක්‍රියාකරනු ඇති" බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

Financial Times පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ "උතුරු කොරියාවේ ප්‍රශ්නය විසඳීමට චීනය පියවර නොගන්නේනම් එක්සත් ජනපදය එය විසඳනු ඇති" බවය.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ චීන ජනාධිපති සී ජින්පිං හමුවීමට දින කිහිපයක් තිබියදීය.