T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් ඇති අවස්ථා මොනවා ද?

එංගලන්ත නායක හැරී බෲක් කඩුල්ල මුවා කිරීමේ වරදට දවා ගැනීමෙන් පසු තෙවන විනිසුරු ගේ තීරණය ලැබෙන තෙක් බලා ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුපිරි 08 වටයේ එංගලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 51කින් පරාජයට පත්විය
කියවීමේ කාලය: මිනිත්තු 4

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ම එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 51 කින් පරාජයට පත්විය.

එංගලන්තය හමුවේ ලද පරාජයත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පවතින හැකියාව පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබේ.

නවසීලන්තය සහ පකිස්ථානය අතර පැවති සුපිරි 08 දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම නිසා කණ්ඩායම් දෙකට ම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවී තිබේ.

ඒ අනුව පළමු කාණ්ඩයේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකියාවක් තිබේ ද?

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඇති තරග මොනවා ද?

සුපිරි 08 වටයේදී එක් එක් කණ්ඩායමට තමන්ගේ කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් 03 සමග එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට සිදුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී නවසීලන්තය සහ පකිස්ථාන කණ්ඩායම සමග සුපිරි 08 දෙනාගේ වටයේ තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය පෙබරවාරි මස 25 වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන් ම, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය පෙබරවාරි මස 28 වන දා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා මොනවා ද?

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත සුපිරි 08 දෙනාගේ වටයේ තරග දෙක අනිවාර්යෙන් ම ජයග්‍රහණය කළ යුතුව ඇත. එමෙන් ම, ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද ඉහළ නංවා ගැනීමට සිදුවේ.

ඒ, යම් හේතුවක් මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේදී කණ්ඩායම් දෙකක් සුපිරි 08 දෙනාගේ වටයේදී සමාන ප්‍රසාද ලකුණු ලබාගෙන තිබුණහොත් එහිදී එම කණ්ඩායම් දෙකේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය සලකා බලන හෙයිනි.

යම් හේතුවක් මත ශ්‍රී ලංකාව ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව අහිමි වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුල්ලක් දවා ගැනීමෙන් පසුව එය සමරන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නවසීලන්තය සහ පකිස්ථානයට ඇති අවස්ථාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාව ඇතුළත් දෙවන කාණ්ඩයේ තවත් කණ්ඩායම් දෙකක් වන නවසීලන්තය සහ පකිස්ථානය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ. ඒ ප්‍රසාද ලකුණ බැගින් ලබා ගනිමිනි. මෙම කණ්ඩායම් දෙක ම ඉදිරියේදී තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට මෙම කණ්ඩායම් දෙක ඔවුන් ක්‍රීඩා කරන තරග දෙක ම ජය ගත යුතු වේ.

නවසීලන්ත කණ්ඩායම ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග දෙකෙන් එකක් හෝ පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව මග හැරෙනු ඇත.

එමෙන් ම, පකිස්ථාන කණ්ඩායමට ද ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් ඔවුන්ට ද අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ඇති අවස්ථාව මග හැරෙනු ඇත.

යම් හෙයකින් නවසීලන්තය සහ පකිස්ථානය තමන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඇති තරග දෙක ම ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා හැකියාව ලැබෙනු ඇත.

ඒ, ඔවුන් දැනටමත් ලබා ඇති ප්‍රසාද ලකුණට ලකුණු 4 බැගින් එකතු වුවහොත් ප්‍රසාද ලකුණු 5 බැගින් හිමි වන හෙයිනි.

එසේ වුවහොත්, එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාවට එංගලන්ත කණ්ඩායමේ සහය අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නවසීලන්තය සහ පකිස්ථානය පරාජය කිරීම පමණක් නොව එංගලන්ත කණ්ඩායමේ සහය ද අවශ්‍ය වේ.

හැරී බෲක් නායකත්වය ලබාදෙන එංගලන්ත කණ්ඩායම මේ වන විටත් සුපිරි 08 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ ලකුණු 02ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසුවන අතර ඔවුන්ට ඉදිරියේදී පකිස්ථානය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරග දෙක ජයග්‍රහණය කළහොත් අවසන් පූර්ව වටයට පිවිසීමට පහසුවෙන් ම අවස්ථාව උදා වෙනු ඇත.

එංගලන්ත කණ්ඩායම යම් හෙයකින් නවසීලන්තයට සහ පකිස්ථානයට එරෙහිව ලබන තරග ජයග්‍රහණ ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගේ වටයෙන් ඔබ්බට යාමට ඇති අවස්ථාව වැඩි කර දෙනු ඇත.

යම් හෙයකින් එංගලන්ත කණ්ඩායම එක් තරගයක් හෝ පරාජයට පත්වුව ද ඔවුන්ට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට හැකි වනු ඇත.